සපුගස්කන්දේ වැඩ නැතිව 1300 කට කෝටි 10 ක් පඩි දෙන්න වෙයි

180

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති

සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොගෙන්වීම නිසා එහි සේවකයන් 1300 ක් කිසිදු රාජකාරියක් නොමැතිව නිකරුනේ සිටින බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

 මෙම සේවකයන් දිනපතා රැුකියාවට වාර්තා කරන බවත් ඔවුන්ට රාජකාරියක් පැවරී නැතත් මාසිකව රුපියල් කෝටි 10 ක පමණ වැටුප් ගෙවීමට තෙල් සංස්ථාවට සිදුවී ඇති බවත් ඔහු කීවේය.

 බොරතෙල් ගෙන්වනවා නම් දැවිතෙල් ගුවන් යානා තෙල් සහ භූමිතෙල් සපුගස්කන්ද පිරිපහදුවෙන් නිපදවා ගැනීමට හැකියාවක් තිබූ බවත් පිරිපහදුව වසා දැමීම නිසා එම තෙල්වර්ගද ඩොලර් ගෙවා ආනයනය කිරීමට රජයට සිදුව ඇති බවත් රන්වල මහතා සඳහන් කළේය.

 තෙල් සංස්ථාව බොරතෙල් ගෙන්වීම අඩාල කිරීමට පසුගිය මැයි මාසයේ සිට කටයුතු කළ බවත් බොරතෙල් ගෙන්වනවාට වඩා පිරිපහදු තෙල් ගෙන්වීම ලාභදායක යැයි බලශක්ති ඇමැතිවරයා කියා සිටින්නේ මින් පසු කිසිදිනෙක බොරතෙල් ගෙන්වන්නේ නොමැති බව දැයි සොයා බැලිය යුතු බවත් රන්වල මහතා කීවේය.

 බොරතෙල් ගෙන්වා පිරිපහදු කිරීම තුළින් තෙල් සංස්ථාව ඉන්ධන ඒකාධිකාරියකට හසු නොවන බවත් එසේ නොකර පිරිපහදු තෙල් ගෙන්වීමට යෑමෙන් පිරිපහදු සමාගම් කියන මිලකට ඉන්ධන ගැනීමට සංස්ථාවට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment