සපුගස්කන්දේ සේවකයන්ට සෙනසුරාදා ඕටී කරන්න අවසර ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදය අවසන්

101

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ට සෙනසුරාදා අතිකාල සේවයේ යෙදීම අත්හිටුවීම නිසා මතුවූ ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදයෙන් බොහෝ පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇතිවී තිබිණි.

මෙම ගැටලූව විසඳීම සඳහා බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ (12 දා) සාකච්ඡුාවක් පැවැති අතර එහිදී නැවත සෙනසුරාදා අතිකාල සේවයේ යෙදීමට සේවකයන්ට අවසර හිමිවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් වෘත්තීය සමිති සභාපති බන්ධුල සමන්කුමාර මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව හිඟයකින් තොරව නැවත ඉන්ධන සැපයීමේ කටයුතු අඛණ්ඩව සිදුකළ හැකි බව ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හලකට තෙල් බෙදාහැරීම දින දෙකකට වරක් සිදුකරන බවත් අතිකාල සේවා කටයුතු නතර කිරීම නිසා මෙම තෙල් බෙදාහැරීමේ කටයුතුවල ප‍්‍රමාදයක් සිදුවූ බවත් පැවසූ ඒ මහතා එනිසා දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල තාවකාලික පෙට‍්‍රල් සහ ඞීසල් හිඟයක් මතුවූ බවද කීවේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment