සපුගස්කන්ද පිරිපහදුව රැකගන්න බියගම ජනතාවත් එක්වෙති

157

බොරතෙල් තිබුණොත් රටට අවශ්‍ය ඉන්ධන අපිට දෙන්න පුළුවන්
– ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල

“තෙල් පිරිපහදුව රැක ගනිමු – අඛණ්ඩව බොර තෙල් සැපයීම තහවුරු කරනු” මැයෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සේචක සේවිකාවෝ පෙරේදා (06 වැනිදා) දහවල් සිය කෑම පැයේ පිරිපහදුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී පවත්වනු ලැබූ සේවක උද්ඝෝෂණයට අවට ජනතාවත් සහභාගි විණි.

තෙල් පිරිපහදුව සුරැකීමේ එකමුතුව මගින් සංවිධානය කළ එම උද්ඝෝෂණයට මාවරමණ්ඩිය නගරයේ සිට පිරිසක් පෙළපාලියකින් පැමිණ ඊට සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අසෝක රන්වල මහතා පැවසුවේ,

“අද බියගම ජනතාව ඒකරාශි වී තෙල් පිරිපහදුව අසලට ආවේ ඉන්ධන ලබා ගන්නට නෙමෙයි. ඒ ආවේ තෙල් පිරිපහදුව රැක ගන්නැයි කියා රජයට බල කරන්නයි. ඒ ගැන අපි පැමිණි ජනතාවට අපගේ ප්‍රණාමය පුද කරනවා.

පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ගෙනැවිත් දුන්නොත් රටට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස්, ගුවන් යානා තෙල් හා දැවිතෙල් යනාදිය ලබා දෙන්නට හැකි වෙනවා. එක දවසකට පමණක් ගුවන් යානා තෙල් ඩොලර් ලක්ෂ 15 ක නිපදවන්නට පුළුවන්.

බියගම ප්‍රා. සභා මන්ත්‍රී නීතීඥ ලාල් කුමාරපේලි, තෙල් පිරිපහදුවේ ඉංජිනේරු ජනක උදාන, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති චමින්ද පතිරණ හා ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති චන්දා වසන්ත යන මහත්වරුන්ද කතා කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment