සපුගස්කන්ද පිරිපහදුව වරින් වර නතර කිරීමෙන් යන්ත‍්‍ර සූත‍්‍ර අනතුරේ

130

බොරතෙල් නොමැති නිසා සපුගස්කන්ද පිරිපහදුව වරින්වර සම්පූර්ණයෙන් නවතා දැමීමෙන් එහි ඇති වටිනා යන්ත‍්‍ර සූත‍්‍ර ඇතුළු ප්ලැටිනම් සහිත උත්පේරකවලට හානි සිදුවී එය විනාශවී යාමේ අනතුරක් ඇතැයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු රසායනාගාර ප‍්‍රධානි ඛනිජ තෙල් උපදේශක සිරිල් සුදුවැල්ල මහතා අනතුරු අ`ගවයි.

ඒ මහතාගේ අනතුරු ඇ`ගවීම සම්බන්ධයෙන් රසායනික විiාඥයින් කිහිපදෙනෙකුගෙන්ම ‘‘දිවයින’’ කළ විමසීමේදී ඔවුන්ද කියා සිටියේ තෙල් පිරිපහදුව මෙලෙස වසා යළි පණ ගැන්වීමෙන් එය විනාශ වී යා හැකි බවයි.

මේ වනවිට සපුගස්කන්ද මෙම තෙල් පිරිපහදුවේ ඇතැම් උත්පේරකවලට හානි සිදුවී තිබෙන බවත් පිරිපහදුව වරින්වර නවතා යළි පණ ගැන්වීමේදී එහි ඇති උත්පේරක හා අනෙකුත් උපකරණවලට හානි වුවහොත් ඒවා අලූත්වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුවන බවත් ඒ මහතා පෙන්වා දෙයි. බොරතෙල් පිරිපහදු කිරීමේදී මුලින්ම සෙන්ටිගේ‍්‍රට් අංශක 450ක 470ක පමණ දැඩි උෂ්ණත්වයකින් එය ආරම්භ කරන බවත් පිරිපහදුවේ සියුම් උපකරණ සිසිලනය වී දැඩි උෂ්ණත්වයට ලක් කිරීමට විශාල මුදලක් වැය වන බවත් සිරිල් සුදුවැල්ල මහතා පවසයි.

මෙලෙස සිසිලනයට ලක්ව යළි දැඩි උෂ්ණත්වයකට උපකරණ ඇතුළු යන්ත‍්‍රසූත‍්‍ර ලක්වීම නිසා ඒවා ඉක්මනින්ම විනාශ වී යා හැකි බවද සුදුවැල්ල මහතා පෙන්වා දෙයි.

1969 වසරේදී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකිරීමට වැය වුණේ අමරිකානු ඩොලර් මිලියන 170ක් පමණක් වුවත් මේ වනවිට එවැනි පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වැයවන බවද ඒ මහතා පවසයි. ඉකුත් මාස පහක කාලයේ සිව්වතාවක්ම සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතරකර දැමුයේ පිරිපහදුව සඳහා බොරතෙල් ආනයනය කිරීමට ඩොලර් නොමැති බැවිනි.

අක්කර 165ක බිම් කඩක ඉදිකළ මෙම පිරිපහදුව මෙරට ඇති එකම තෙල් පිරිපහදුවයි. ඩොලර් හි`ගය නිසා ඉකුත් වසරේ නොවැම්බර් 15 වැනිදා පළමුවරට පිරිපහදුව වසා දමනු ලැබුණේ දින පනහකින් යළි එහි කටයුතු ආරම්භ කරන බව කියමිනි. ඊට පසුව මෙම වසරේ ජනවාරි 03 වැනිදා ද යළි එය සම්පූර්ණයෙන්ම නතර කර දැමීය. ඒ අතර කාලයේත් පිරිපහදුව නතර කළත් ඒ බව ප‍්‍රසිද්ධ කළේ නැත. සිව්වන වතාවට පිරිපහදුව පෙරේදා (20 දා* සිට යළි නවත දමා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment