සපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළි වැඩ – ඇමැති ගම්මන්පිල කියයි

137

තාවකාලිකව මෙහෙයුම් අත්හිටුවා තිබෙන පසුගස්කන්ද පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (07 දා) සිට නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙහි පිරිපහදු කටයුතු හෙට ආරම්භ කිරීමෙන් පසු සපුගස්කන්ද පිරිපහදුවේ ගිනි දැල්ල 08 වැනිදා වන විට දැල්වෙන බවත්, එදින සිට පිරිපහදු කරන ලද ඉන්ධන බෙදාහැරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

මේ වන විට පිරිපහදු කිරීමට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 90,000ක් රැුගෙන විත් ඇති බවත් සාමාන්‍ය වශයෙන් සතියකට බොර තෙල් නැව් තුනක් හෝ හතරක් රටට පැමිණෙන බවත් ඇමැතිවරයා කීය.

මේ නිසා රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවත්, රටේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන තොග ඇණවුම් කර තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment