සපුගස්කන්ද පුළුල් කරන මිලියන 1003 ක ව්‍යාපෘතිය අතුරුදන්

193

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 1003ක් වියදමක් දරා අක්කර 35ක පමණ වපසරියකින් යුතු ඉඩමක් ද මිලදී ගෙන ඇතත් මේ දක්වා මෙකී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මීට වසර 12 කට පමණ පෙර පුළුල් ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර ඇත. එහෙත් රජයේ අරමුදල් නොමැතිකම නිසා ව්‍යාපෘතිය ක්‍රියාතමක කිරීමට නොහැකි වී ඇත. කෙසේ වුව ද තෙල් පිරිපහදුව ආරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා නවීන උපකරණ හා නවීන තාක්ෂණික මෙවලම් යොදා ගෙන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අයවැයෙන් ද වෙන්කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු පිරිපහදුව වසර ගණනාවක් ආරක්ෂිතව ක්‍රියා කළ හැකි අතර ලාභදායිත්වය ද වැඩි කර ගැනීමට හැකි වන බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එහෙත් රටේ සමස්ත ඉල්ලුමට සරිලන පරිදි සමස්ත පිරිපහදු සංකීර්ණයේ සංවර්ධනය කළ යුතු බව සඳහන් කරමින් එම ව්‍යාපෘතිය ද අත්හිටුවනු ලැබීය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment