සපුගස්කන්ද වහන්න වුණේ ආණ්ඩුවේ ‘එදා වේල’ න්‍යාය නිසායි – ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති

200

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවූයේ ආණ්ඩුව ඉන්ධන තොග ගබඩා කර නොගෙන එදිනෙදා පරිභෝජනයට සරිලන ලෙස පමණක් ඉන්ධන ගෙන ඒමට කටයුතු කළ නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.

රටට බොර තෙල් ගෙන ඒමට නම් මාස කිහිපයකට පෙර මුදල් (ඇමරිකන් ඩොලර්* ගෙවා ඉන්ධන ඇණවුම් කළ යුතු වුවත් ආණ්ඩුව එසේ නොකර එදිනෙදා අවශ්‍යතාවට පමණක් බොර තෙල් ගෙන්වීම නිසා පිරිපහදුව වසාදමන තැනට පත්වූ බවද හෙතෙම කීවේය.

මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකකට ඇමරිකන් ඩොලර් මිලියන 3300 කට අධික ණයක් ඇති නිසා බොර තෙල් ගෙන ඒමට එම බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කීය.

රටේ තෙල් අවශ්‍යතාවෙන් සියයට 30 ක ප‍්‍රමාණයක් පිරිපහදුව මගින් සිදුකළ බවත්, එයද නතරවීම නිසා පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් සහ දැවි තෙල් ආනයනය කිරීමට සිදුව ඇති බවත් ඒ මහතා කීය.

අලූත්වැඩියා කටයුතු සඳහා 2019 පෙබරවාරි මාසයේ පිරිපහදුව නවතා නැවත ආරම්භ කර පිරිපහදුව නතර කරන්නේ ඇත්ත වශයෙන්ම බොර තෙල් ගෙන ඒමට ඩොලර් නොමැතිකම නිසා බවද රන්වල මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment