සපුගස්කන්ද වැසීමත් සමග භූමිතෙල් හිඟය යළි දරුණු වෙයි

118

බොරතෙල් නොමැති නිසා ඉකුත් 07 වැනිදා සිට නැවත වරක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග භූමිතෙල් හිඟය යළිත් දරුණු අතට හැරී ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450 – 500ත් අතර වන මුත් මේ වනවිට දිනකට වෙළෙඳපොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 50ක් වැනි ප්‍රමාණයකි. සපුගස්කන්ද පිරිපහසුවෙන් ලද භූමිතෙල් සුළු ප්‍රමාණයක් නොලැබෙන නිසා පිරිපහදු කළ භූමිතෙල් හෝ ගුවන් යානා තෙල් ගෙන්වීමට සිදු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment