සපුගස්කන්ද හෙට වැඩ අරඹයි

78

සපුගස්කන්ද පිරිපහදුව හෙට (16 දා) සිට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ආනයනික බොරතෙල් නොමැතිව දින ගණනාවක් සපුගස්කන්ද පිරිපහදුව නිෂ්පාදන කටයුතුවලින් බැහැරව තිබිණි.

මේ අනුව බර්බන් නමැති ආනයනික බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් රැගත් නැව කොළඹට සේන්දු වී ඇති අතර එයට අවශ්‍ය ගෙවීම් කටයුතු නිමාකර මේ වනවිටත් සපුගස්කන්ද පිරිපහදු ටැංකි සංකීර්ණය වෙත ගොඩබෑමේ කටයුතු තෙල් සංස්ථාව විසින් ආරම්භ කර ඇත

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment