සපුගස්‌කන්දේ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්‌

332

අභිරහස් අන්දමින් ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04 දා* දහවල් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී සපුගස්කන්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

 මියගොස් ඇති කාන්තාව කිසියම් ස්ථානයකදී ඝාතනය කිරීමෙන් අනතුරුව ගමන් බෑගයක දමා මෙම ස්ථානයට ගෙනවිත් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 45 ක් පමණ වන අතර ඇයගේ අනන්‍යතාවය පිළිබඳව ඊයේ (04 දා* සවස් වන තුරුම තොරතුරු වාර්තා නොවූ බව පොලිසිය සඳහන් කරයි.

 අදාළ කාන්තාවගේ මළසිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ කසළ ගොඩ වෙත ගෙනවිත් දැමූ පුද්ගලයා හෝ පිරිස සොයා ඒ ආසන්නයේ ඇති සී. සී. ටී. වී. දර්ශන උපයෝගි කර ගනිමින් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

සපුගස්‌කන්දේ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්‌

මීට මාස කිහිපයකට ඉහතදී ද හංවැල්ල ප‍්‍රදේශයේ ලැගුම්හලකදී ඝාතනය කර පසුව කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ දමා ගොස් තිබූ කාන්තාවකගේ හිසසුන් මළසිරුරක් පොලිසිය මගින් සොයාගෙන තිබුණි. එම ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු සියදිවි නසාගෙන තිබිණි.

 ඊයේ සවස 4.00 ට මහර අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බෑගය හමුවූ ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු කළේය.

 හේමන්ත රන්දුණු, සුදත් පුබුදු කීර්ති සහ දෙල්ගොඩ – ඩබ්. ඞී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment