IMF සහාය ගන්න වැඩපිළිවෙළක් සකස් කරනවා – මහ බැංකු අධිපති  

239

රජය ගෙන ඇති තීරණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා දැන් වැඩපිළිවෙළක් සකස්කර ගත යුතුව ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (22දා) ‘‘දිවයින’’ට පැවසීය.

එය සිදුකළ යුතු වන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව බවද ඒ සඳහා වන සාකච්ඡා දැනට කෙරීගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ කරුණ ගැන පෙරේදා (21දා) පැවැති ආර්ථික කවුන්සිලයේදී ද සාකච්ඡා කළ බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයාද දැනුම් දී ඇති බවත් අජිත් නිවාඞ් කබ්රාල් මහතා කීවේය.

මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට රජය තීරණයක් ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

පසුගිය මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට තමා තීරණය කළ බව ප‍්‍රකාශ කළේය.

එම අරමුදල සමග කළ සාකච්ඡා තුළින් වසරකට අප ගෙවිය යුතු ණය වාරික ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම සඳහා ක‍්‍රමවේදයක් සලසා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment