සබන් මිල  නහුතෙට නගී – රෙදි සෝදන සබන් කැටය 140  – බේබි සබන් 180 යි

702

පැරණි මිල සහිත සබන් සොයා  පාරිභෝගිකයෝ වෙළෙඳසල් පීරති

සබන් මිල 100% ටත් වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමත් සමග වෙළෙඳසැල්වල ඉතිරිව ඇති පැරණි මිල සඳහන් සබන්, තොග වශයෙන් මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවකින් ඊයේ (25 දා) කටයුතු කළ ආකාරය අනුරාධපුර නගරයේ දී දැකගත හැකි විය.

අනුරාධපුර නගරයේ ඇති සුපිරි වෙළෙඳසැල්වල සහ ගම්බදව පිහිටි කුඩා වෙළඳසැල් වලද සබන් අසුරා තිබූ රාක්ක ඊයේ (25) දහවල් වන විට හිස්ව තිබූ ආකාරය ද මෙහි දී දැක ගත හැකි විය.

ඒ අනුව රුපියල් 70 ට පැවති ග්‍රෑම් 115 ක රෙදි සෝදන සබන් කැටයක නව මිල රුපියල් 135 ත් 140 ත් දක්වාද, රුපියල් 74 ක මිලකට පැවති ළදරු (බේබි) සබන් කැටයක මිල රුපියල් 175 සිට 180 ක මිලකටත් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන තිබුණි.

තවද සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත නිෂ්පාදනවල මිලද පැවැති මිලට වඩා දෙගුණයකින් ඉහළ දමා තිබෙන අතර දත් බුරුසු, දත් බෙහෙත් සහ ෂැම්පු වර්ගවල මිලද ඉදිරියේ දී ඉහළ දමන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment