සබන් – රෙදි සේදුම් කුඩු සියයට 200 කින් මිල නගී

543

සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල සියයට 200 කින් පමණ ඉහළ යන බවට එම සබන් නිෂ්පාදන සමාගම් විසින් වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවට දැනුම්දී තිබේ.

සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන ද්‍රව්‍යයන් සඳහා මේ දිනවල වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් පවතින බවත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

සමහර ප්‍රදේශවල සබන්, රෙදි සෝදන කුඩුවල දැඩි හිඟයක් පවතින බවද ඔවුහු කියා සිටිති.

සබන් නිෂ්පාදන සමාගම් විසින් ඉදිරි දින කීපය තුළ සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දමන බවට වෙළෙඳුන්ට මේ වන විට කර ඇති දැනුම් දීමත් සමග පාරිභෝගිකයන් ඒවායේ මිල වැඩි වීමට පෙර සබන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන තොග රැස් කිරීමට පටන්ගෙන ඇතැයිද ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ජනප්‍රියම සබන් වර්ගයක් වන රුපියල් 70 ක්ව පැවති ග්‍රෑම් 115 සන්ලයිට් කැටයක් රුපියල් 135ක් දක්වා ද රුපියල් 74ක්ව පැවති බේබි සබන් කැටයක් රුපියල් 175ක් දක්වා ද රුපියල් 75ක්ව පැවති ලයිෆ්බෝයි සබන් කැටයක් රුපියල් 145ක් දක්වා ද ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි ආරංචිමාර්ග පවසයි.

මීට අමතරව දත් බුරුසු දත් බෙහෙත් සහ ෂැම්පු වර්ගවල මිලද ඉහළ දමා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන සහ නාලක රත්නායක – නුවරඑළිය
 

advertistmentadvertistment
advertistmentadvertistment