සබරගමුව පාසල් වොලිබෝල් (කාන්තා) ප්‍රවර්ධන වැඩසටහන අද

90

සබරගමුව පළාතේ කාන්තා වොලිබෝල් ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික නිලධාරීන් සඳහා වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (12 වැනිදා) පෙ. ව. 09.00 සිට ප.ව. 05.00 දක්වා රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වේ.

මෙම වැඩමුළුවට සබරගමුව පළාතේ පාසල් 50ක විෂය භාර ගුරුභවතුන් හා සබරගමුව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල 07 හි ක්‍රීඩා විෂය භාර අධ්‍යක්ෂවරුන්ද සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment