සභාපති ඉවත් කරන්නැයි ඉල්ලා පඬුවස්නුවර පොහොට්ටුවේ මන්ත‍්‍රීවරයෙක් සභාව ඉදිරිපිට උපවාසයක

168

පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ධර්මසේන බමුණුසිංහ මහතා (පො.පෙ.), සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේම පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ජයන්ත හේරත් මහතා ප‍්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල ඉදිරිපිට උපවාසයක නිරතව සිටී.

පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ජයවීර මහතාගේ (පො.පෙ.) අභාවය හේතුවෙන් මීට මාස 5 කට පමණ පෙර වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඡුන්ද විමසීමේදී සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්දයෙන් පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ධර්මසේන බමුණුසිංහ මහතා තේරී පත්විය.

පක්‍ෂයේ විනය කඩකළ පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයාට විරුද්ධව පක්‍ෂය විසින් විනය කි‍්‍රයාමාර්ගයක් ගන්නා තුරු උපවාසය අත්නොහරිමි යනුවෙන් සඳහන් බැනරයක් ද මෙම ස්ථානයේ ප‍්‍රදර්ශනය කර ඇත.

හෙට්ටිපොළ – ඒ. දසනායක

advertistmentadvertistment
advertistmentadvertistment