සභාපති සමග කටයුතු නතර කර ලංවිම ඉංජිනේරුවෝ සටන අරඹති

268

ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කිරීමට ගෙන එන යෝජනාව හා තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඊයේ (22 වැනිදා) සිට සභාපතිවරයා සම`ග සිදු කරන සියලූ කටයුතු නතර කර දැමීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සභාපතිවරයා විසින් පවරන රාජකාරී රැුස්වීම් ආදි කටයුතු කිසිවකට සහාය ලබා නොදෙන බැවින් ආයතනයේ පරිපාලන හා තීරණ ක‍්‍රියාත්මක නොවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ‘‘දිවයින’’ ට පැවසීය.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකන් සමාගමකට පවරා දී එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායුව) මෙරටට ලබා ගැනීමේ ඒකාධිකාරී අයිතිය එම සමාගමට නතු කිරීම, විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදන සම්පේ‍්‍රක්‍ෂණ බෙදා හැරීම ආදී කටයුතු සඳහා සාමාන්‍යාධිකාරීවරු අට දෙනකු පත්කර මණ්ඩලය කඩා විනාශ කර දැමීමට එරෙහිව මෙන්ම, යම් යම් තනතුරුවලට පත්කර සිටින සුදුස්සන් ඉවත් කර නුසුදුසු අය පත් කිරීම ආදී තීරණවලට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය ගන්නා බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් අද (23 වැනිදා) ඉංජිනේරු විධායක කමිටුව රැුස් වී ඉදිරි පියවර තීරණය කරන බවද ඒ මහතා පැවසීය.

ලංවිම කෑලිවලට කඩා එය විනාශ කර දැමීමට ඉඩ නොදෙන බවත් එම උත්සාහය පරාජයට පත් කිරීම සඳහා වැඩ වර්ජන ක‍්‍රියාවලියකට වුවද යන බවත් කුමාරවඩු මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment