සමකෝණී ත‍්‍රිකෝණයේ අලූත්ම එක හරි හතරැස්… අබ්ලික්‌ Story

420

රෝෂිණියි කමලූයි රැකියාව කළේ ආරක්‍ෂක අංශයක. මේ දෙන්නම එකම තනතුරේ රාජකාරී කළා. රෝෂිණී බොහොම හැඩවැඩ ඇති තරුණියක්. එයාට අවුරුදු එකහාමාරක දරුවෙකුත් සිටියා. රෝෂිණියි කමලූයි රැුකියාවට ආවේ ගියේ දුම්රියෙන්. මේ දෙන්නගෙ ගෙවල් තිබුණේ අලව්ව පැත්තෙ.

 නාමල් රාජකාරී කළෙත් රෝෂිණියි කමලූයි සේවය කරපු කඳවුරේමයි. නාමලූත් විවාහකයෙක්. එයාගේ බිරිඳ නිරෝෂි. සේවය කළෙත් මේ කඳවුරේමයි.

 රෝෂණියි නාමලූයි සේවය කළේ මේ කඳවුරේ ඒක ආයතනයක. ඉතිං දෙන්න නිතර නිතර මුණ ගැහුණා. එකට වැඩ කරපු නිසා මේ දෙන්න බොහොම සුහද වුණා. තමුන්ගේ සැමියට වැඩිය නාමල්ව රෝෂිණීට හිතට අල්ලලා ගිහින් තිබුණා.

 මං මේ ඇත්තමයි කියන්නෙ, නාමල් ඔයාව මට කලින් හම්බ වුණේ නැහැනෙ. එහෙම උනානම් අපි දෙන්න අද කොයි තරම් සතුටින් ඉන්නවද?

 රෝෂිණී බොහොම කනස්සල්ලෙන් කිව්වා. දැන් කරන්න දෙයක් නැහැ. අපි ඊළ`ග ආත්මෙවත් එකට ඉන්න ප‍්‍රාර්ථනා කරමු. නාමල් රෝෂිණීගේ කතාව අනුමත කරමින් එහෙම කිව්වා.

 කොහොම කොහොම හරි මේ සම්බන්ධය අනියම් සබඳතාවක් දක්වා දුරදිග යන්න එතරම් කාලයක් ගත වුණේ නැහැ. අනේ නාමල් අපි දෙන්නගෙ ආදර කතාව හස්බන්ඞ් දැන ගත්තොත් කොහෙන් කෙළවර වෙයි ද දන්නෙ නැහැ. දන්නවනෙ එයාගෙ හැටි. රෝෂිණී තම අනියම් පෙම්වතා වූ නාමල්ට කිව්වා.

 අපි එන විදිහකට එන දේකට මුහුණ දෙමු. ඔයා බය නැතිව ඉන්න. නාමල් රෝෂිණීගේ සිත සැනසුවා. ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියන කතාව සපලකරමින් රෝෂිණීගෙ සැමියාට මේ පලහිලව්ව කන වැකුණා. උඹ හොඳහිතින් ඔය ම`ගුල් නටන එක නතර කරපං. නැත්නම් මෙතැන මිනීමැරුමක් වෙනවා. කමල් රෝහිණීට තර්ජනය කළා. අවවාද කළා. ඒත් එයා ඒ කිසි දෙයක් ගණනකට ගන්නෙ නැහැ. නාමල් එක්ක කියන තහනම් ආදරය නතර කළෙත් නැහැ.

 කමල් රෝෂිණීට තර්ජනය කළා. එයාගේ ජංගම දුරකථනයත් කමල් භාරයට ගත්තා. දැන් ලස්සනට තිබුණු මේ කුරුලූ කැදැල්ල ගිනි අරගෙන. හැමදාට රණ්ඩු ඉවරයක් නැහැ.

 හිටපංකො මම උඹට හොඳ වැඩක් කරන්න.

 කමල් රෝෂිණීට කිව්වා. නාමල්ගේ බිරිඳ නිරෝෂිටත් තමන්ගේ සැමියගේ මේ ආදර පලහිලව්ව කන වැකිලා තිබුණෙ. කමල් නිරෝෂිව මුණ ගැහුණ නාමල්ගෙ මේ අනියම් සම්බන්ධය ගැන එයා කෙලින්ම කතා කළා. ඔයාගෙ මහත්තයා. මගේ නෝනව දැලේ දාගෙන. අපේ ගෑනිව කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. මට දැන් ඒ ගෑනිව තිත්ත වෙලා. පවුල් ජීවිතෙන් ඇති වෙලා තියෙන්නෙ.

 කමල් නිරෝෂිට කිව්වා. ඒ ආනිසන්සයමයි නිරෝෂීට වෙලා තිබුණෙත්. ඔයා කියන්නෙ නාමල් මටත් දැන් මේ මිනිහා එක්ක ඉඳලා ඇති වෙලා. මං මේ දරුවො දෙන්න නිසා හැම දෙයක්ම උහුලගෙන ඉන්නවා.

 නිරෝෂි කමල් එක්ක තමුන්ගේ පවුල් ජීවිතය ගැන කිව්වෙ හැඬූ කඳුළෙනුයි. ඔයා ඕවා ගණන් ගන්න එපා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

 කමල් නිරෝෂිගෙ සිත සැනසුවා. ගෙවල්වල ප‍්‍රශ්න ගැන නිතර නිතර කතා කරද්දී කමලූයි නිරෝෂියි අතරේ පොඩි සම්බන්ධයක් හෙම ගොඩනැඟුණා. ටික දවසක් යද්දි මේ දෙන්න අතරෙන් තහනම් ආදර කතාවක් ගොඩනැ`ගුණා.

 දැන් මේ පවුල් දෙක හවුලෙ පවුල් කනවා. ටික කාලයක් යද්දී මේ දෙපාර්ශ්වයට නීතියෙන් වෙන්වීමේ අවශ්‍යතාව මතු වුණා. මට මගේ දරුවා ඕනේ. උඹ ඕනේ මඟුලක් නටාගනින්. කමල් රෝෂිණීට කිව්වා.

 එහෙම කොහොමද? දරුවා දෙන්නෙ. දරුවා ඉන්න ඕනෙ අම්මා ළඟ. රෝෂිණි ඒ යෝජනාවට තදින්ම විරුද්ධ වුණා.

 මේ අතරේ නිරෝෂිත් තමුන්ගේ දරුවන් දෙන්නගේ අයිතිය ඉල්ලලා සටන් කරන්න පටන් ගත්තා. දරුවන්ගෙ අයිතිය මටත් තියනවා. ඒ නිසා තමුසෙට ඕන විදියට ඒ අය දෙන්න බැහැ.

 නාමල් නිරෝෂිට තර්ජනය කළා. මහ උන්ගෙ අම්මලාගේ වැඩ නිසා ඒ වෙනකොට අහිංසක නොදරුවෝ තුන් දෙනෙක් අතර මං වෙලා හිටියෙ.අන්තිමේදී මේ ප‍්‍රශ්නය අලව්ව පොලිසිය දක්වා දුර දිග ගියා. සුුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නලින් උඩුගම්පොළ මේ පැමිණිල්ල විභාග කරන්න පටන් ගත්තා.

 සර් මට මගේ දරුවෝ දෙන්න ඕනෙ.

 නිරෝෂි හැඬූ කඳුළෙන් කියන්න වුණා. මහ උන් අවලන්වැඩ කළත් දරුවො ඉදිරියේ ඒ (හැමෝම බොහොම සංවේදී වුණා. මේවා පටන් ගන්න කොට ඒ දරුවන්ගෙ අනාගතයේ ගැන කවුරුත් හිතල තිබුණේ නැහැ.

 මේ ප‍්‍රශ්නය අපට විසඳන්න බැහැ. දරුවන්ගෙ අයිතිය ඉල්ලලා ඒගොල්ලෝ උසාවියේ සිවිල් නඩුවක් දාන්න. දෙපාර්ශ්වය අතරේ සටහනක් ඇති කරන්න උත්සාහ කරලා බැරි වෙච්ච තැන උඩුගම්පොළ මහතා ඔවුන්ව අධිකරණයේ පිහිට පැතීමට උපදෙස් දුන්නා.

* රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment