සමගි ගොවිජන දැක්ම ජනගත කෙරේ

126

සමගි ජනබලවේගයේ සමගි ගොවිජන ප‍්‍රකාශනයෙහි මූලික දැක්ම වනුයේ ගොවි ජනතාව ආර්ථිකමය හා සමාජයීය වශයෙන් සවිබල ගන්වා ඔවුනගේ ජීවන තත්ත්වය උසස් කරලීමට හා කෘෂිකර්මාන්තය ඉහළ නංවා පරිසරය හා ස්වාභාවික සම්පත් ආරක්‍ෂා වන ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාවට නැංවීම බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

සමගි ජනබලවේගයේ සමගි ගොවිජන දැක්ම ජනගත කිරීම වෙනුවෙන් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අභියස පැවැත්වූ උත්සවයට එක්වෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව කීය.

සමගි ගොවිජන දැක්ම ජනගත කෙරේ

සමගි ගොවිජන ප‍්‍රකාශනය එළිදැක්වීම පොලොන්නරුවේ පැවැති සමගි දිස්ති‍්‍රක් ගොවිජන සම්මේලනයට සමගාමීව සිදුවිය. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතාට එය පිරිනැමීමෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මහා සංඝරත්නය සහ ගොවි ජනතා නියෝජිතයන් වෙත එම ප‍්‍රකාශය පිළිගන්වනු ලැබීය. එම ප‍්‍රකාශනයෙන් පහත යෝජනාද සිදුකර තිබේ.

සමගි ගොවිජන දැක්ම ජනගත කෙරේ

රසායනික පොහොර, පළිබෝධ නාශක හා අනෙකුත් කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත්කර ප‍්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් ඉහළ රසායනික පොහොර ආනයනය කර කිසිදු හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබාදීම.

පළිබෝධ නාශක හා වල්නාශක ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රමිතීන්ට අනුව ගුණාත්මයෙන් ඉහළ ජනතාවගේ සෞඛ්‍යයට හානි නොවන නිෂ්පාදන ආනයනය කර ලබාදීම නිසි නියාමනය කිරීම.

කාබනික වගාවේ දැනට යෙදී සිටින හා යෙදීමට බලාපොරොත්තු වන සියලූ ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සපයන අතර ප‍්‍රමිතියෙන් යුතු යෙදවුම් ලබාදීම, කාබනික සහතික ලබාදීම, දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ අවස්ථාවන් වෙත යොමුකර ඉහළ මිලක් ලබාදීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් සකස් කිරීම කාබනික නිෂ්පාදන සඳහා රට පුරා ගොවිජන සේවා මට්ටමෙන් අලෙවි ජාලයක් ස්ථාපත කිරීම.

බෝග හා සත්ව නිෂ්පාදනවල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීමට ගොවීන් දිරිමත් කරන අතර නව ලොවෙහි දියුණු කෘෂි තාක්‍ෂණය ගොවීන් හට ලබාදීමට සහනාධාර ක‍්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම.

රාජ්‍ය කෘෂි ව්‍යාප්ති සේවය ශක්තිමත් කරන අතර තොරතුරු තාක්‍ෂණය තුළින් බෝග හා සත්ව නිෂ්පාදනවල ඵලපදායීතාවය ඉහළ නැංවීමට පහසුකම් සැපයීම.

රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධව ප‍්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් ඉහළ බීජ හා රෝපණ ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීමට නිෂ්පාදන යාන්ත‍්‍රණයක් ස්ථාපිත කර ප‍්‍රාදේශීය වශයෙන් මධ්‍යස්ථාන පිහිටුවා සාධාරණව සහ පහසුවෙන් ලබා ගැනීමට යාන්ත‍්‍රනයක් සකස් කිරීම.

ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා වන පරිදි ප‍්‍රධාන කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිල ක‍්‍රමයක් ස්ථාපිත කරන අතර අවශ්‍ය සෑම විටම මිල සමාලෝචනය සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදුකිරීම.

වී අලෙවි මණ්ඩල ශක්තිමත් කර කුඩා වී මෝල් හිමියන් දිරිගන්වා වී අස්වැන්න තරගකාරී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයක් රට තුළ ස්ථාපිත කිරීම පසුගිය අප රජය කාලයේ කි‍්‍රයාත්මක වූ ශක්ති සහල් ව්‍යාපාරය නැවත බලගන්වා පාරිභෝගිකයා අතර සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සැකසීම ගොවි සමිති සවිබල ගන්වා මෙම යාන්ත‍්‍රණය ඒ හරහා සිදුකිරීම.

පොලොන්නරුව – කරුණාරත්න ගමගේ,

advertistmentadvertistment
advertistmentadvertistment