සමනල පාලම කැලෑවේ මුවකු මස් කරමින් සිටි අයෙක් දැලේ

398

හැඩිදැඩි මුවකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කන්තලේ වැඩබලන මහෙස්ත‍්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.

ඇප මත නිදහස් වූයේ කන්තලේ සූරිපුර ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සූරියපුර සමනල පාලම ප‍්‍රදේශයේ කැලෑවක් තුළ මුවකු මරා මස් කරන ලද බවට ලද තොරතුරක් මත කන්තලේ වන ජීවී නිලධාරීන් හා සූරියපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකොට තිබුණි. සැකකරු යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

කන්තලේ – ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment