සමන්තා පවර් සංචාරය මත USAID සංවිධානයෙන් ඩොලර් මිලියන 65ක ආධාර  

134

එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තු ගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23ට අධික) ආධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඊයේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්‍ෂ ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමනු ලැබේ. USAID පරිපාලක සමන්තා පවර් පසුගියදා කළ සංචාරය මත පදනම්ව මෙම ආධාර ලබාදෙනු ඇත.

මෙම අරමුදල් ප්‍රදානය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප්‍රතිචාර වශයෙන් පරිපාලක පවර් මහත්මිය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කරන ලද ඩොලර් මිලියන 60ට (ශ්‍රී ලංකා රුපියල් බිලියන 21ට) අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙනු ලැබේ.

මෙම නව ද්විපාර්ශ්වික ගිවිසුමේ ආරම්භය සමරමින් තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ශ්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමග අපි ගොඩනගා ගෙන තිබෙන කල්පවත්නා සහ ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව එක්සත් ජනපදය සහ ඇමරිකානු ජනතාව ආඩම්බර වෙනවා. සියලුම ජාතීන් එකට සම්බන්ධ වී සිටින, සමෘද්ධිමත්, ඔරොත්තු දෙන සහ ආරක්ෂිත වූ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් වන ස්ථාවර, සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා දේශීයව මෙහෙයවනු ලබන ක්‍රියාමාර්ගවලට සහය දැක්වීමට අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment