සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාව රාජකීය සහ විශාඛා
විදුහල්වලට

183

39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි වයස අවුරුදු 20 න් පහළ බාලක බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. එකී බාලිකා ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලය සතු විය.

මෙවර තරගාවලියේ බාලක අනුශූරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දිනාගත් අතර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට ලෝකඩ පදක්කම හිමි විය.

ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලට බාලිකා අංශයේ අනුශූරතාව හිමිවූ අතර බාලිකා ලෝකඩ පදක්කම කොළඹ මියුසියස් විදුහල සතු විය.

මෙවර තරගාවලියේ අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව දිනාගත් රාජකීය විද්‍යාලයීය පිල සහ ශූරීන් වූ විශාඛා විද්‍යාලයීය පිල ඡායාරූපවලින් දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment