සමස්ත ලංකා වෛද්‍ය සංගමය අද රෝහල් ඉදිරිපිට කළු කොඩි විරෝධතාවක

100

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවමින් අද (07 දා) උද්ඝෝෂණයක නිරත වීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය, නේවාසික රෝගීන්ට ආහාර ලබා නොදීම, සෞඛ්‍ය සේවයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙම ‘කළු විරෝධතාව’ පවත්වන බව එම සංගමය පවසයි.

රජයේ වගකීම් විරහිත ක්‍රියා කලාපයන් හේතුවෙන් සෞඛ්‍ය සේවය අර්බුදයටම පත් වෙමින් තිබෙන බවත්, රෝගී ජීවිත අවදානමට ලක් වෙමින් පැවතියත් රජය ඒ කිසිවකට කඩිනම් පියවර නොගැනීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පැමිණි බවත් එම සංගමය කියා සිටී.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment