සම්පත් බණ්ඩාර අවසන් 16 අතරට… මහේෂ් ජයකොඩිට අද තවත් අවස්ථාවක් – 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය

451

2020 පැරාලිම්පික් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සුරේෂ් ධර්මසේන රෝද පුටු ටෙනිස් ඉසව්වෙන්, මහේෂ් ජයකොඩි ඔරුපැදීමේ ඉසව්වෙන් සහ සම්පත් බණ්ඩාර දුනුවිදීමේ ඉසව්වෙන් ඊයේ (27 වැනිදා) මූලික වටයේ තරග බිමට පිවිසියේය. එ් අනුව එහිදී සුරේෂ් ධර්මසේන මූලික වටයේ තරගයෙන් පරාජයට පත් වෙද්දී සම්පත් බණ්ඩාර සහ මහේෂ් ජයකොඩි ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

සම්පත් බණ්ඩාර අවසන් 16 අතරට... මහේෂ් ජයකොඩිට අද තවත් අවස්ථාවක් - 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය

ඊයේ උදෑසන පැවැති ඔරුපැදීමේ පිරිමි කේවල (පීආර්1) මූලික තරග ඉසව්වට සහභාගි වූ මහේෂ් ජයකොඩි එහිදී හය වැන්නා බවට පත් වෙමින් තරගය නිමා කිරීමට සමත්විය. එම ඉසව්ව නිමා කිරීමට මිනිත්තු 12.16.80ක කාලයක් වාර්තා කිරීමට මහේෂ් ජයකොඩිට සිදු වූ අතර එ් හේතුවෙන් තරගාවලියේ අවසන් වටය සඳහා එකවර සුදුසුකම් ලබා ගැනීමට මහේෂ් ජයකොඩිට නොහැකි විය. එ් අනුව මූලික වටයෙන් පරාජයට පත්වූ තරගකරුවන් වෙනුවෙන් අද (28 වැනිදා) පැවැත්වෙන ඍැචැජය්ටැ වටයේදී අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මහේෂ් ජයකොඩිට අවස්ථාව ඉතිරිව තිබේ.

කෙසේ වෙතත් ඊයේ පැවැති මූලික වටයේදී මහේෂ් විසින් වාර්තා කළ කාලය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය නොවන අතර මිනිත්තු 10.30.00ක ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙසින් සටහන් වී තිබේ. එ් අනුව අද පැවැත්වෙන ඍැචැජය්ටැ වටයේදී අවසන් වටය සඳහා සුදුසුකහම් ලබා ගැනීමට මහේෂ් ජයකොඩි හට වැඩි අවස්ථාවක් හිමි වී තිබේ.

රෝද පුටු ටෙනිස් ඉසව්වේ මූලික වටයට සහභාගි වූ සුරේෂ් ධර්මසේන චිලී කී‍්‍රඩක ඇලෙක්සැන්ඩර් කැටල්ඩෝ සමග තරග වැදුණු අතර එහිදී තරග 2-0ක් ලෙසින් පරාජයට පත්වන්නට සුරේෂ් ධර්මසේනට සිදුවිය. මිනිත්තු 25කට අධික කාලයක් පැවැති අදාළ තරගයේ පළමු වටය 6-3ක් ලෙස පරාජයට පත් වූ සුරේෂ් දෙවැනි වටය 6-4ක් ලෙසින් පරාජයට පත්විය.

දුනුවිදීමේ පිරිමි කේවල ශ්‍රේණිගත කිරිම් තරග වටයට සහභාගි වූ සම්පත් බණ්ඩාර එම ඉසව්වේ 23 වැනි ස්ථානයට පත්වන්නට සමත්විය.

තරග වට දොළහකින් සමන්විත වූ එම ඉසව්ව වට හය බැගින් අර්ධ දෙකකට වෙන් කිරීමට කටයුතු කර තිබූ අතර තරග සම්පූර්ණ ඊතල විඳීම් 72කට සීමා වී තිබුණි. සම්පත් බණ්ඩාර එහි පළමු අර්ධයේ දී ලකුණු 289ක් සහ දෙවැනි අර්ධයේ දී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වූ අතර සම්පූර්ණ අර්ධ දෙක අවසානයේ දී මුළු ලකුණු 589ක් ලබා ගැනීමට සමත්විය. එ් අනුව එම දස්කම් මත අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සම්පත් හට හැකි වූ අතර ඔහු සැප්තැම්බර් මස 03 වනදා ඉන්දීය ක‍්‍රීඩක චිකර් විවේක් සමඟ තරගවැදීමට නියමිතව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment