සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් රයිගම් ටෙලීස් ශ්‍රී ලාංකේය කලාකරුවන් රැසක් අභිසෙස් ගන්වයි

76

ජාත්‍යන්තර තත්වයේ ශ්‍රී ලාංකේය ටෙලි සම්මාන උළෙල වන රයිගම් ටෙලීස් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සාර්ථකව අවසන් වූයේ තවත් විශිෂ්ටයන් රැසක් සුවිසල් වේදිකාවක් මත අභිසෙස් ගන්වමිනි. මෙවරද රයිගම් ටෙලීස් සඳහා ප්‍රධාන අනුග්‍රහය සම්පත් බැංකුව විසින් ලබාදී තිබුණේ සවිමත් බැංකුවක විශ්වාසයද සමගිනි.

එම රාත්‍රිය තුළින් ඇගයීමට ලක් වූයේ 2020 – 2021 දෙවර්ෂය තුළ විශිෂ්ටත්වයට පත් කලා ශිල්පීන් හා ටෙලි නිර්මාණයි.

මෙහිදී අදහස් දැක්වූ සම්පත් බැංකුවේ, ආයතනික බැංකු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සඳහන් කර සිටියේ, මෙවර රයිගම් ටෙලීස් තුළින් 2020, 2021 යන වසර දෙකෙහෙිම නිර්මාණ ඇගයීමට කටයුතු කිරීම පිළිබඳ එහි කාර්ය මණ්ඩලයට මුලින්ම අපගේ කෘතඤතාවය පළ කිරීමට කැමතියි. වසරින් වසර නව්‍යකරණයට ලක්වෙමින් කලාකරුවාට මෙන්ම ප්‍රේක්ෂකයාටත් අන්තර්ජාතික මට්ටමේ අත්දැකීමක් හිමි කරදෙන රයිගම් ටෙලීස්, නව්‍යකරණ බැංකු සේවාවන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව සමඟ සමපාත වන නිසාම මෙවරත් රයිගම් ටෙලීස්හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. කලාකරුවන් දිරි ගැන්වීම තුළින් නව නිර්මාණ බිහිවමත් ඒ තුළින් ප්‍රේක්ෂකයන්ට විශාල රසාස්වාදයක් හිමි වීමත් නිසා චින්තන ශක්තියෙන් හෙබි ජනතාවක් දැයට බිහි කිරීමට හැකි වෙනවා. එය දියුණු රටක් වෙනුවෙන් සිදු කරන ආයෝජනයක්. සමපත් බැංකුව මෙ තුළින් සිදු කළේද ඒ ආයෝජනයයි යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment