සම්පත් බැංකුව, දම්රෝ සමග අත්වැල් බැඳ ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රට පුරාම LANKAQR ප‍්‍රවර්ධනය වෙනුවෙන් තව දුරටත් කැපවෙයි

2517

(වමේ සිට) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු, සහ දම්රෝ සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති ළහිරු රාමනායක යන මහත්වරුන් ශ‍්‍රී ලංකා මහ බැංකු පරිශ‍්‍රයේ පැවති ‘ LankaQR ජනගතකරණය’ දියත් කිරීමේ අවස්ථාවට එක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ශ‍්‍රී ලංකාව පුරා LANKAQR පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම හා භාවිත කිරීම සඳහා වන දිගු කාලීන ප‍්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින් සම්පත් බැංකුව පසුගියදා දම්රෝ සමූහය වෙත LANKAQR ගෙවීම් පිළිගැනීමේ අවස්ථාව උදා කර දෙන ලදී.

ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති දම්රෝ ප‍්‍රදර්ශනාගාරයන් තුළින් LANKAQR භාවිත කරමින් මුදල් හා සම්බන්ධතා රහිත ගෙවීම් සිදු කිරීමට හැකි වනු ඇත.

මෙහිදී දම්රෝ ප‍්‍රදර්ශනාගාරයන්හි ස්ථාපිත කර ඇති PoS යන්ත‍්‍ර තිරයේ දිස්වන QR කේතය ස්කෑන් කර Sampath WePay වැනි LANKAQR පහසුකම සහිත ගෙවීම් විසඳුම් භාවිත කරමින් මුදල්, කාඞ්පත් හෝ ගෙවීම් ස්ථානයන් ස්පර්ශ නොකරමින් පහසුවෙන් ගෙවීම් සිදු කිරීමට පාරිභෝගිකයන්ට හට අවකාශ උදා වේ. ගනුදෙනුකරුවන්ට, සම්පත් බැංකු ගිණුම් හිමියන්ට මෙන්ම වෙනත් බැංකුවල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හටද මෙම අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා ‘‘ සම්පත් බැංකුව ලෙස අපි සෑම විටම ශ‍්‍රී ලාංකිකයින් වෙත වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් නව්‍යකරණ විසඳුම් හා තාක්ෂණය උපයෝගී කර ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ අපගේ කණ්ඩායම සතු පුළුල් අවබෝධය හා මූල්‍ය විශේෂඥතාව තුළින් සම්පත් උැඡු්හ වැනි මූල්‍ය විසඳුම් හරහා මූල්‍ය ක්ෂේත‍්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමට අපි කටයුතු කර තිබෙනවා. LANKAQR පිළිගැනීම හා භාවිතය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ උත්සාහයන්හි දිගු කාලීන හවුල්කරුවකු ලෙස දම්රෝ සමූහය වෙත LANKAQR ගෙවීම් පිළිගැනීම ලබාදීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. තමන්ගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් මේ ආකාරයේ ඩිජිටල් ගෙවීම් සමඟ එක්වන ලෙස දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ ප‍්‍රජාවට හා පාරිභෝගිකයන් වෙත මේ මොහොතේ ආරාධනා කිරීමට කැමතියි. ’’යනුවෙන් පවසා සිටින ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment