සම්පත් බැංකුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම`ග අවබෝධතා ගිවිසුමකට

409

සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන තොරතුරු නිලධාරී අජිත් සල්ගාදු මහතා (වම) සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කරමින්
 
 
සම්පත් බැංකුව පුද්ගලයින් ලියාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු හරහා ගනුදෙනුකරුවන් හ`දුනාගැනීම හා තහවුරු කර ගැනීම ස`දහා එම දෙපාර්තමේන්තුව සම`ග අවබෝධතා ගිවිසුමකට එළඹිණ.
 
 එම දත්ත සත්‍යාපනය (verification) ම`ගින් බැංකුවට පැමිණීමෙන් තොරව අන්තර්ජාලය හරහා ගිණුම් විවෘත කිරීම ඇතුළු බැංකු කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට උදාවේ.
 
 ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ නිරන්තරයෙන් නව්‍යකරණ බැංකු සේවාවන් හ`දුන්වා දෙන සම්පත් බැංකුවෙහි තවත් සුවිශේෂී නව්‍යකරණ බැංකු සේවාවක් ලෙස හ`දුන්වා දිය හැකි ගනුදෙනුකරුවන් හ`දුනාගන්නා (ණශක්‍) ක‍්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ මෙම හවුල්කාරීත්වය තුළින් තාක්ෂණික වර්ධනය මෙන්ම ශ‍්‍රී ලාංකිකයන් වෙත වැඩි වටිනාකමක් ලබාදීම වෙනුවෙන් වන සම්පත් බැංකුවේ කැපවීමද මනාව පිළිබිඹු කරනු ලබයි. සම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන තොරතුරු නිලධාරී අජිත් සල්ගාදු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක යන මහත්වරුන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයේදී පසුගියදා මෙම හවුල්කාරීත්වය වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර ඒ ස`දහා සම්පත් බැංකුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment