සම්පත් බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා දූරදර්ශී අවදානම් කළමනාකරණය තුළින් අභියෝගාත්මක ආර්ථික පරිසරය සාර්ථකව ජය ගනී

580
සම්පත් බැංකු පීඑල්සී හි සභාපති හර්ෂ අමරසේකර මහතා (වම), සම්පත් බැංකු පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (දකුණ)

පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් ත‘බීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛතාව දීමට සම්පත් බැංකුවට හැකි විය.

තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 6.5 ක් හා බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ණය අත්තිකාරම් සහ ආයෝජන සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමෙන් ද පසුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 5.3%ක හා 2.9%ක වර්ධනයකි.

සම්පත් බැංකුව හා සමූහය විසින් 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල . සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමගම ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් විය. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 47%කින් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ආදායම 248%කින් වර්ධනය විය. කාඩ්පත් හා වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගත් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ 74.6% ක සැලකිය යුතු වර්ධනයක් කාර්තුව තුල දී ළඟා කරගත හැකි විය. ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් අවම කර ගැනීමට ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. සමූහයේ බදු පසු ලාභය 4.9%ක ආන්තික පහල බැසීමක් වාර්තා කළ අතර බදු පෙර ලාභය 1.6%ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. සමූහයේ බදු පෙර ලාභය හා බදු පසු ලාභය 2022 පළමු කාර්තුව සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 6.8ක් හා රුපියල් බිලියන 4.9 ක් විය.

සම්පත් බැංකුව 2022 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 24.9 ක පොලී ආදායමක් උපයාගත් අතර මෙය සංසන්දනාත්මක කාලච්ජේදයේ රුපියල් බිලියන 20.7 හා සැසඳීමේදී 20%ක වර්ධනයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් ණය අත්තිකාරම් හා ආයෝජනයන්හි පොලී අනුපාතිකයන් ඉහළ යාම හේතු විය. සාමාන්‍යය බර තැබූ ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2021 මාර්තු 31 දිනට පැවති 5.75% ට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව අවසානය වන විට 9.71% දක්වා පදනම් ලකුණු 396 කින් ඉහළ ගොස් ඇත. තවද වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතය සංසන්දනාත්මක කාලච්ජේදයේ වාර්තා කල 5.11% සිට පදනම් ලකුණු 717 කින්

advertistmentadvertistment
advertistmentadvertistment