සම්පත් බැංකුව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ වැඩසටහනට රු.මි.50ක් පරිත්‍යාග කරයි

85

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදී.

සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි. තම ප්‍රජාව වෙත සෞඛ්‍ය සහාය ලබා දීම සම්පත් බැංකුවේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් කොටසක් වන අතර ඒ යටතේ සිදු කරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගය තුළින් ශ්‍රී ලාංකිකයින් වෙත හදිසි වෛද්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යාමට මෙන්ම එම සේවාවන් වැඩි දියුණු කිරීමට අවකාශ උදා වනු ඇත. පසුගියදා පැවති ‘Adopt an Ambulance’ වැඩසටහන සඳහා පැවති උත්සවයකදී සම්පත් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය මඟින් 1990 සුව සැරිය පදනමේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

(දකුණේ සිට) සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා විසින් 1990 සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා වෙත ගිවිසුම ප්‍රදානය කරමින්. 1990 සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා (වම් පස කෙළවර) සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා (යෝජිත) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය ද (දකුණු පස මුල) ඡායාරූපයේ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment