‘සම්පත් සංහිඳ සේවර්. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රු. මි. 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

284

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරක්ෂිත කිරීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු ‘සම්පත් සංහිඳ සේවර්. ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 200ක අසමසම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇත.ඒ අනුව 2021 වසරේ ජූලි 1 වන දින සිට 2022 වසරේ ජූනි 30 වන දින දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම ගිණුම්වල පවත්වාගෙන යනු ලැබූ ශේෂය මත පදනම්ව මෙම ප්‍රතිලාභ ඔවුන් වෙත හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කරයි. ඒ සඳහා හිමි වන මුදල් අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංහිඳ වෛද්‍ය ප්‍රතිලාභ කාඩ් වෙත බැර වන අතර ඒ තුළින් තෝරාගත් රෝහල්, රසායනාගාර හා ඔසුසල් වෙත මුදල් ගෙවීමේ පහසුවද ඔවුන්ට හිමි වේ. ‘සම්පත් සංහිඳ සේවර්. 2009 වසරේ ආරම්භයේ සිටම සම්පත් බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ඉහළම ඇගයීම ලෙසද සඳහන් කිරීම නිවැරදිය.

ඒ යටතේ වන හවුල්කාර ආයතන ලෙස ආසිරි රෝහල් සමූහය, CDEM රෝහල, දෙරණ වෛද්‍ය රසායනාගාරය, හේමාස් රෝහල්, ලංකා රෝහල්, මෙඩි හෙල්ප් රෝහල්, නවලෝක රෝහල්, නාවින්න මෙඩි කෙයාර් රෝහල්, නොදර්න් සෙන්ට්‍රල් රෝහල, පන්නිපිටිය පෞද්ගලික රෝහල, සෙත්මා රෝහල්, කිංග්ස් රෝහල, මෙල්ස්ටා ලැබ්, මෙල්ස්ටා ෆාමසි, සිංහ රෝහල්, සදර්න් ලංකා රෝහල්, වින්සෙත රෝහල සහ තෝරාගත් රාජ්‍ය ඔසුසල් (රාජ්‍ය ඖෂධ සංස්ථාව) හා විෂන් කෙයාර් දෘෂ්ඨි විශේෂඥ මධ්‍යස්ථානය සඳහන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment