සම්ප‍්‍රදායෙන් පිටපැන්න රැඩිකල් අයවැයක්

121

පත්කළ මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත්

ලෝක මට්ටමින් ගත්කළද අද වනවිට තිබෙන්නේ අර්බුද රැසක්. ඇතැම් රටවල්වලට අයවැයක් ඉදිරිපත් කරනවා තබා අයවැයක් සකස් කර ගැනීමේ වාතාවරණයක් වත් නැහැ.

මූලික වශයෙන්ම මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ රාජ්‍ය හා සංස්ථාවල සේවය කරන සේවකයන්ගෙන් එහාට ගිය පරිසරය ගැන හිතපු අයවැයක් ලෙස. ඒ කියන්නේ රාජ්‍ය සේවක කණ්ඩායමත්, සංස්ථා සේවක කණ්ඩායමත් කියන වැටුප් ලබන කලාපයෙන් එළියේ සියයට පනස්දෙකක විතර වැටුප් ලබන පිරිසක් පෞද්ගලික අංශයේ එළියේ ඉන්නවා. මෙන්න මේ ආර්ථික කලාපය කෙරෙහි මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා. මම හිතන විදිහට මෙවර අයවැය කියන්නේ මෙතෙක් තිබුණ සම්ප‍්‍රදායට වඩා වෙනස් නමුත් ඉතාම රැඩිකල් ආකාරයට මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment