සම්බාධක නොතකා රුසියාව තෙල් අලෙවි කරයි

1779

යුරෝ බිලියන 9.3ක වාර්තාගත ආදායමක්

සම්බාධක නොතකා බොරතෙල්, ගෑස් සහ පොහොර අලෙවියෙන් රුසියාව යුරෝ බිලියන 9.3ක ආදායමක් ලබා ඇත. දින 100ක් තුළදී මෙම ආදායම ලබා තිබේ. මෙය ඩොලර් බිලියන 9.7ක ආදායමට සමානය. ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක් රුසියානු තෙල් මිලයට ගෙන තිබේ.ඇතැම් යුරෝපා රටවල්ද තෙල් මිලයට ගන්නා බව හෙළිවී ඇති අතර රුසියාව තෙල් අලෙවියේදී රක්ෂණය සහ බදු අයකිරීම ඇතුළු සියලු කටයුතු කරන බව හෙළිවී ඇත. මෙම තෙල් අලෙවි කර ඇත්තේ යුක්රේන යුද්ධය පැවති සමයේය.

advertistmentadvertistment
advertistmentadvertistment