සතොස ශාඛා මගින් .අලූත් අවුරුදු සමය තුල සිට ඉදිරියට සම්බා කිලෝවක් රුපියල් 125ක මිලකට අණ්ඩව ලබාදිමේ වගකිම තමන් භාරගන්නා බැව් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (13) ගාල්ල උණවටුණ ප්‍රදේශයේ සතොස අලෙවි සැලක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
සතොස භාණ්ඩ නැතිවිමට හේතුව තමයි පාරිභෝගිකයින් විශාල වශයෙන් භාණ්ඩ රැුගෙන යාම. දෙසැම්බර් මාසයේ සතොස පිරිවැටුම රුපියල් බිලියන 4.8යි. කෝටි 480ක්. මේ සදහා බෙදාහැරිමේ ක්‍රමය වැඩිදියුණු කරගතයුතුයි. අපේ ජිවතකාලය තුල මින්පෙර ලබලා තියෙන අර්බුදයක් නෙවෙයි.
1930 න් පසු ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඉන්පසු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම විපත්තිකාරි කාලය තමයි අපි කල්පසු කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩි වසංගතය නිසා මියගිය සංඛ්‍යාව ලක්ෂ 08ට වඩා වැඩියි.
එම රටවල කන්ටේනර් ගාස්තු සියයට 140කින් වැඩිවෙලා. නැව් ගාස්තුවැඩිවෙලා. ඛනිජතෙල් මිල ලෝකයේ කිසිදිනක නොවුවිරුලෙස වර්ධනය වෙමින් තියෙනවා. ඒ නිසා මුළු ලෝකයේම නුල කැඩුණු සරුංගලයක් වගේ භාණ්ඩමිල පාලනය කිරිමට නොහැකිව ඉහල යමින් තියෙනවා.