සම්මානනීය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂ  ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී

257

සිංහල සිනමාවේ කෘතහස්ත සම්මානනීය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා (77) ඊයේ (28දා) ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත විය.

අහස්ගව්ව, අහසින් පොළවට, කරුමක්කාරයෝ, ගඟ අද්දර කලියුගය, දඩයම, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, පොන් මනී, ගොළු මුහුදේ කුණාටුවක් ඇතුළු සිනමා නිර්මාණ රාශියකට තම විශිෂ්ට වූ ප්‍රතිභාව මුසුකළ ඔහු සරසවි, ජනාධිපති, සුමති හා තවත් විiුත් නාළිකා රාශියක සම්මානයට පාත්‍ර විය.

කැලණිය ගුරුකුල විiාලයේ අධ්‍යාපනය ලද ඩොනල්ඩ්ගේ සමකාලීන සිසු සිසුවියන් අතර නිළි

රැජින මාලිනි ෆොන්සේකා, පතිරාජ එල්. එස්. දයානන්ද, එච්. ඩී. ප්‍රේමරත්න හා විමල් කුමාර ද කොස්තා වෙති. මයික් විල්සන් කැමරාව මෙහෙයවූ මෙරට ප්‍රථම වාර්තා චිත්‍රපටය ගාමිණී ජීවරාණි ජෝ ආදීහු රඟපෑ ‘රන්මුතුදූව’ ට සහාය කැමරා ශිල්පියකු ලෙස එක්ව ඔහු තම සිනමා කැමරාකරණය ඇරඹීය.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ප්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment