සම්මානනීය රංගන පෞර්ෂය යශෝධා විමලධර්ම “සූර්යා” සන්නාම තානාපති ලෙස පත්කරයි

96

දශක හතරකට අධික පාරිභෝගික විශ්වාසය රැකගනිමින් කීර්තිමත් නාමයක් වන “සූර්යා“ සන්නාමය වෙළඳපොළට හඳුන්වාදුන් Sun Match සමාගම සිය සන්නාම තානාපතිනිය ලෙස ශ්‍රී ලාංකේය රිදී තිරයේ හා පුංචි තිරයේ අහිංසකාවිය, කුසලතා පූර්ණ රංගන ප්‍රතිභාවෙන් සිය රංගන මුද්‍රාව තැබූ සම්මානනීය රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම මෙනවිය සමඟ පසුගියදා ගිවිසුම් ගත විය.

මෙරට පාරිභෝගිකයන් ගේ විශ්වාසය දිනූ සූර්යා සන්නාමය මෙරට රිදී තිරයේත් ටෙලි තිරයේත් සුවහසක් ප්‍රේක්ශකයන්ගේ ආදරය හා ගෞරවය දිනාගත් යශෝධා විමලධර්ම මෙනවිය හා ඒකාබද්ධ වීමෙන් සූර්යා සන්නාමයට සිය නිෂ්පාදන වෙළඳපොළ අතික්‍රමණය කිරීමට මග හසර විවර වනු ඇත. මෙම නව සංකලනය නිසාම සමාගමක් ලෙස Sun Match සමාගම උපයා ගත් පාරිභෝගික විශ්වාසයත් දශක කිහිපයක් තිස්සේ යශෝධා විමලධර්ම රංගවේදිනිය ලැබූ ජනප්‍රියත්වය හා ජනතා හරසර, සූර්යා නිෂ්පාදන තව දුරටත් ඉතා ඉක්මනින් විශ්වාසනීයත්වයෙන් පාරිභෝගික ජනතාව අතරට ළඟා වෙනු ඇති බව සමාගමේ විශ්වාසයයි. සමාගමේ උපායමාර්ගික නව්‍ය ප්‍රවේශයක් ලෙස මෙම නවතම ගිවිසුම් ගත වීම හඳුන්වා දී ඇත.

ලී නිමැයුමෙන් යුත් ගිනි කූරු වෙළඳපොළ අත්පත් කරගෙන සිටි සමයක දේශිය වෙළඳපොළට පළමු වරට ඉටි ආලේපිත ආරක්ෂිත ගිනි කූර හඳුන්වාදෙමින් Sun Match නමින් වසර හතලිහකට පෙර ටී.ආර්.ආර්. රාජන් මහතා සිය ව්‍යාපාර ආරම්භ කළේය. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සෑම නිවසකම සූර්යා ගිනි පෙට්ටිය නැතිවම බැරි පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇත. මුලු දිවයිනම ආවරණය වන පරිදි ස්වයංක්‍රීය බෙදා හැරීම් ජාලයක් සහිත සූර්යා නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කරමින් වර්තමානය වන විට ගුණාත්මක බවින් ඉහළ උසස් තත්ත්වයේ සුවඳ කූරු නිෂ්පාදකයා බවට පත්ව ඇත. ශරීරයට හිතකර සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කූරු හා විවිධ ප්‍රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම්ද අද වනවිට Sun Match සමාගම විසින් නිෂ්පාදනය කරයි.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment