සමාගම්වල තනතුරුවලින් අස්වෙයි

244

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ඔහු දැනට දරමින් සිටින සියලුම සමාගම් අධ්‍යක්‍ෂ ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටින ධම්මික පෙරේරා මහතා එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතය. ඔහු සිය සමාගම් අධ්‍යක්‍ෂ ධුරවලින් ඉවත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට ඇති නීතිමය බාධා ඉවත්කර ගැනීමටය.ශ්‍රී ලංකාවේ දැවැන්ත ලැයිස්තු ගත සමාගම් සමූහ දෙකක් වන වැලිබල් වන් හා හේලීස් සමාගම්වල පාලක කොටස් හිමිකාරිත්වය ධම්මික පෙරේරා මහතා සතුය. මේ සමාගම් සමූහ දෙක යටතේ අනුබද්ධ සමාගම් රැසක් පාලනය වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment