සමාගම් තෙල් දෙන්න advance ඉල්ලයි

194

රටේ මූල්‍ය අර්බුදයක් පවතින නිසා ඉන්ධන නැවක් මිලදී ගැනීමට ඇණවුම් කිරීමේදී ඉන්ධනවල වටිනාකමින් සියයට 30 ක් ගෙවීමට සිදුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් “දිවයින”ට ඊයේ (26 දා) පැවසීය.

තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහැරීමට කටයුතු කරන බවත් තවත් ඩීසල් නැවක් මිලදී ගැනීමට අමාත්‍යාංශය මුදල් එක්රැස් කරමින් සිටින බවත් ඔහු කීය.

ඉන්ධන නැවක් මිලදී ගන්නවා නම් මුදල් සොයාගෙන එය ඇණවුම් කළයුතු බවත් එසේ නොමැතිව මෙරටට ඉන්ධන නැව පැමිණීමෙන් පසු ඩොලර් සෙවීමට කටයුතු කළහොත් අමතර ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුවන බවත් පැවසූ ඒ මහතා එම නිසා මුදල් සොයා නොගෙන ඉන්ධන ඇණවුම් නොකරන බව ද කියා සිටියේය.

දැනට පවතින ඉන්ධන තොග ද අගෝස්තු 1 දා සිට රට පුරා බෙදාහැරීමේදී ූඍ කේතය යටතේ එක් අංකයකට සතියකට එක්වරක් ලෙස වාහන වර්ගය අනුව ඉන්ධන නිකුත්කිරීමට අමාත්‍යාංශය පිවුම්හල්වලට උපදෙස් දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment