සමාජවාදයත් ස්ටැලින්වාදයත් දෙකම අත්හැරිය මෙහෙ ස්ටාලින්… යාපනයට බුදු පිළිම එපා කියන්නට ස්ටාලින් ගියේ ඇයි

1152

* ගුරුවරයෙක්ද වෘත්තීය සමිති නායකයෙක්ද
 

කොරෝනා වසංගතය හමුවේ වසරකටත් අධික කාලයක් පාසල් අධ්‍යාපනය අහිමිව නිවසටම කොටුවී සිටින රටේ දූ දරුවන් ඇපයට තබා ගුරුවරුන් ආරම්භ කළ වර්ජනයට අදට දින විසි එකකි. පැහැදිලිවම කිවහොත් කොරෝනා නිසා නිවසට කොටු වූ දරුවන් කඩා වැටුණු සිය අධ්‍යාපනය හමුවේ ඇති වූ සිත් බරට යම් අස්වැසිල්ලක් ලැබුවේ නම් එය ලැබුවේ තමන් දේවත්වයෙන් සැලකූ ගුරුවරුන් ලබා දුන් ඔන්ලයින් අධ්‍යාපනය හමුවේය.

එහෙත් මේ වන විට දින විසි එකක් පුරාම දරුවා සිය මව්පියන්ට නොදෙවැනි ලෙස සෙනෙහසින් පිදුම් කළ ගුරු දෙවියෝ දෙවොල හැරගොස් සිටිති. දෙවියන් එසේ දෙවොලින් පැනයද්දී බොහෝ දුෂ්කරතා මැද ලබාගත් ඔන්ලයින් අධ්‍යාපනය ද අහිමිව රටේම දරුවෝ නන්නත්තාරව සිටිති.

දෙවොල හැරදා පලා ගිය දෙවියන් මේ මොහොත වන විට සිටින්නේ ඇස් වාට්ටුව හන්දියේය. ලෝටස් පාරේය. එසේත් නැතහොත් ගිනිකූටක අව්වේ වේලෙමින් රට පුරා විවිධ නගර මධ්‍යයේය. ඔවුහු පෙළපාලි යති. උද්ඝෝෂණ කරති. ලැබෙන ප`ඩුරු මදියි කියති.

මේ අතරේ තමන් සදෙව් ලොවට අධිපති සක‍්‍ර දේවේන්ද්‍රයා යැයි සිතින් සිතා ගෙන දරුණු වසංගතයක් අස්සේ පිස්සු කෙළින කළු කොට මහත අයෙක් පවතින ආණ්ඩුවට දස අතේ බැණ වදිමින් ගුරු වර්ජනය පිළිබඳ බොහෝ වහසි බස් කියයි.

හේ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ය. ඔහු කියන්නේ කිසිදු හේතුවක් නිසාවත් ඇරඹූ සටන ඉල්ලීම් දිනා ගන්නා තුරු අත් නොහරින බවය. මෙහිදී ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ද ස්ටාලින්ට දෙවැනි නැත. දෙදෙනාගේම හැසිරීම ‘කොරෝනා පෲෆ්’ වැනිය.

රටම වසංගතයක වෙලී තිබියදී ස්ටාලින්ගේ සහ මහින්දගේ පදයට නටමින් රටේ ගුරුවරු හන්දි ගාණේ රංචු ගැහෙනු දකින විට අපට නම් කල්පනා වූයේ දෙවියන්ට දැන් චුත වීමේ සිත් පහල වී තිබේදැයි කියාය. එසේ නොවේ නම් දරුණු වසංගතයක් ඉදිරියේ රටේ අනාගතයට පාර කියන්නට සිටින අපේ ගුරුවරු මෙසේ ඔලමොට්ටල හැසිරීමක යෙදෙන්නේ නැත.

ජෝශප් ස්ටාලින් කියන පරිදි අද ලංකා ගුරු සංගමය මේ විස`දා ගන්නට සැරසෙන්නේ වසර විසිහතරක් පුරාවට ඇදී ආ ගුරු විදුහල්පති වැටුප් පිළිබ`ද ගැටලූවකි. එහෙත් එකී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප‍්‍රශ්නය ගෙන ගුරුවරුන් පාරට ගෙනා ජෝශප් ස්ටාලින්ගේ සැබෑ ඉලක්කය වී තිබෙන්නේ එයමද?

යහපාලනයේ බි`ද වැටීමත් සම`ග දැවැන්ත කඩාවැටීමකට ලක්වූ දෙමළ බෙදුම්වාදයට අදාළ විජාතික කුමන්ත‍්‍රණකරුවන් ඉදිරියේ මේ වන විට පවතින බාධක ඉවත් කිරීමේ වුවමනාවක් ස්ටාලින් මෙහෙයවන මේ ගුරු විරෝධතාව පිටුපස ඇත්තේම නැතිද?

අප ඒ ප‍්‍රශ්නය මෙහිදී මතු කරනුයේ රට පුරා පවතින වසංගත තත්ත්වය හමුවේ ‘ඇල්ෆා,’ ‘ඩෙල්ටා’ ආදී ලෙසින් වූ මාරාන්තික කොරෝනා වෛරසයන්ට කොන්දේසි විරහිතව නිරාවරණය වෙමින් ස්ටාලින්ගේ සටනට අනුව වීදි බසින රටේ ගුරුවරුන්ට ආපසු හැරී කල්පනා කර බලනු පිණිසය.

ස්ටාලින් මෙකී ගුරු වර්ජනයට ම`ග විවර කර ගන්නේ කොතැනකින්ද? ඉකුත් ජුලි මස 09 වැනිදා බත්තරමුල්ල පොල්දූව හංදියේදී කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත විය. එහිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ස්ටාලින් ඇතුළු 33 දෙනකු අවසානයේ නිරෝධායනයට ලක් කෙරුණු අතර ජෝශ්ප් ස්ටාලින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉදිරියට ගෙන රටේ ගුරුවරු පාරට ගෙන එන්නේ ඉන් පසුවය. ඉන් පැහැදිලිව පෙනී යන්නේ ද ඒ වන විටත් ජෝශප් ස්ටාලින්ට යම් දේශපාලන ඉලක්කයක් තිබූ බව නොවේද?

අද දවසේ ස්ටාලින්ගේ ගුරු විදුහල්පති විරෝධතා පසුපස ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්‍ෂය පමණක් නොව, සිංහල කොටියා යැයි ප‍්‍රකට සුදේශ් නන්දිමාල්ලාගේ කණ්ඩායම් පවා සිටිගෙන සිටින්නේ ගුරු වර්ජනය තුළ ස`ගවා තිබෙන ස්ටාලින්ගේ එකී දේශපාලන ඉලක්කය නිසාම නොවන්නේද?

මෙහිදී ආණ්ඩුවෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක්ද අපට ඇත. ජෝශ්ප් ස්ටාලින්ලා එදා පොල්දූව හන්දියේ විරෝධතාවයේ නිරතව සිටියදී ඔහු ඇතුළු පිරිස කුදලාගෙන ගොස් නිරෝධායනයට යවන ලෙස පොලිසියට උපදෙස් දුන්නෝ කවුරහුද?

පොලිසියේ ඇතැම් ලොකු පුටුවල අය මේ අන්දමට විටින් විට ආණ්ඩුව උකුලට ගෙන හිල් පොල්කට්ටෙන් නාවා පසුව යළි වැල්ලවත්ත කුණු ඇළෙනුත් නාවමින් සිටින බව අප බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇත. එහෙත් ඒවාට තාමත් නිසි පිළිතුරු ලැබෙන බවක් නම් පේනතෙක් මානයකවත් නැත.

මේ ජෝශප් ස්ටාලින් යනු කවරෙක්ද? අප දන්නා සැබෑ ජෝශප් ස්ටාලින් නම් සිටියේ රුසියාවේ ය. ලෝක ඉතිහාසයේ ලියැවී ඇති පරිදි එකී සැබෑ චරිතයේ අහලකටවත් තැබිය නොහැකි අපේ ලෝකල් ස්ටාලින් ඉපදී ඇත්තේ 1965 පෙබරවාරි මස 09 වැනිදාය. ඒ දවස අඟහරුවාදාවකි.

බෙනඩික් ප‍්‍රනාන්දු සහ මේරි මැටිල්ඩා ප‍්‍රනාන්දු යන යුවළට දාව බ්ලූමැන්ඩල් පාර කොළඹ 15 යන ප‍්‍රදේශයෙදී උපත ලැබූ ජෝශප් ස්ටාලින්ගේ පවුලේ සෙසු සාමාජිකයන් වන්නේ ක්‍ෂේවියර් ගාඩිනර්, ශාමන් බෙනඩික් සහ මේරි ගේ‍්‍රස්ලිං නම් වූ සහෝදරයන් දෙදෙනාත් සහෝදරියත් ය.

මුලදී බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ජීවත් වුවද ස්ටාලින්ගේ පසුකාලීන පදිංචිය වන්නේ ඉකුත් යුද සමයේ කොළඹට පැමිණි එල්ටීටීඊයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සැ`ගව සිටි සහ කොළඹ ප‍්‍රහාරයන්ට රැගෙන ආ අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය මෙන්ම කොටි බෝම්බ පවා ස`ගවා තිබුණු මර්මස්ථානයක් ලෙස හ`දුනා ගනු ලැබූ කොළඹ 13 කදිරේෂන් වීදිය ප‍්‍රදේශය ය.

ජෝශප් ස්ටාලින් අවසන් වරට ගුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ කොටහේන රෝමානු කතෝලික බාලිකා පාසලේය. ඉන් පසු හේ පූර්ණ කාලීනව වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයකු ලෙස ගුරු වෘත්තීයේ සිටිමින් ඉගැන්වීම පසෙක තබන්නේය.

එසේ වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වූ ටීචර් ස්ටාලින් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්කමට අමතරව මේ වන විට වෘත්තීය සමිති මහා සම්මේලනය, වැඩකරන ජන බලවේගය යන සංවිධානවල ද සම කැඳවුම්කරු ලෙස ද කටයුතු කරන්නේය.

පූර්ණ කාලීන වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයකු සේම මේ රටේ අනාගත දරු පරපුර පිළිබ`ද හැ`ගීමක් දැනීමක් තිබේදැයි සැක මතුවන පරිදි පූර්ණ කාලීන අවිවාහකයකුද වන ජෝශ්ප් ස්ටාලින් 1957 ඔක්තෝබර් මස 30 දින ආරම්භ වූ ලංකා ගුරු සංගමය තුළ සිය භූමිකාව මතු කරගන්නේ කොතැනින්ද?

එය සිදුවන්නේ හේ ලංකා ගුරු සංගමයේ 1996-1997 වසරේ අනුරාධපුර සභපතිවරයා ලෙස පත්වීමෙන් පසුවය. ඉන් අනතුරුව එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ජෝශප් ස්ටාලින් සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා වන්නේ 2009 වසරේ ජුලි මස 24 වැනිදා පැවති එහි 52 වැනි වාර්ෂික සම්මේලනයේදීය.

එසේ ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පත්වූ ජෝශප් ස්ටාලින් එතැන් සිට සිය දේශපාලන දර්ශනය තුළ වැඩිපුරම කරනු ලැබුවේ රටේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීම ද නැතහොත් සිය දේශපාලන දර්ශනය අනුව යමින් දෙමළ බෙදුම්වාදයේ ප‍්‍රබල කොටස්කරුවකු ලෙස පෙනී සිටීමද?

ස්ටාලින් පෙන්නා ජාතිවාදය වපුරන්නේ යැයි දැන් මෙය දකින ඇතැම් පිස්සකු චෝදනා කරන්නට ද බැරි නැත. එහෙත් අපි ජාතිවාදයක් පිළිබඳ කතා නොකරන්නෙමු. මහපොළොවේ සත්‍යය නම් මේ රට තුළ සැබෑ ජාතිවාදය පවතින්නේ දෙමළ බෙදුම්වාදය සහ මුස්ලිම් අන්තවාදය තුළය.

දෙමළ බෙදුම්වාදය සහ මුස්ලිම් අන්තවාදය මේ බිමෙන් අතුගෑවී ගිය දිනෙක මෙරට තුළ ඉතිහාසයේ පටන් පැවති සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයේ සංහිඳියාව යළි රනින් සටහන් වනු ඇත.

අද පාරට පැමිණ සිටින අපේම ගුරු මව්පියවරුන්ට බුද්ධියෙන් විමසා බලනු පිණිස අපි වගකීමෙන් කියන්නෙමු. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් එම ධුරයට පත්වීමෙන් පසු මවා පෑ ප‍්‍රබලම ව්‍යාජය වූයේ රටේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ඇ`ගවීමය.

එහෙත් ඔහු සෘජුවම සිට ගත්තේ දෙමළ බෙදුම්වාද සම`ගය. මේ රටට එරෙහි විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ කඳවුරු ලෙසින් මතුවන්නට වූ එන්ජී ඕ නඩ සම`ග දීගකෑමය.

ස්ටාලින්ගේ භාවිතාව එය නොවූයේ නම් ඔහු ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් වී හරියටම හය මසකට පසු ඉකුත් 2010 වසරේ ජනවාරි 22 වැනිදා වෘත්තීය සමිති මුවාවෙන් සිටි ද්‍රෝහීන් සහ බහුජන සංවිධානය සම`ග එක්ව කොටි සැකකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුනේ කුමකටද?

එසේම මෙරට වැනසූ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කර ගැනීමේ අදහසින් බිහිවූ ‘දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය’ විසින් ඉකුත් 2012 වසරේ අගෝස්තු 08 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවත්වූ රැස්වීමේ ප‍්‍රබලයකු ලෙස ඔහු සහභාගි වී සිටියේ ගුරුවරුන් වෙනුවෙන් යමක් කරන්නද?

එල්ටීටීඊයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී යුද හමුදාව දෙමළ ජන සංහාරයක් කළා යැයි පවසමින් කොටි හිතවාදියකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණවලට ප‍්‍රබල හඬ නගන්නකු ලෙස ජෝශප් ස්ටාලින් සහභාගි වූයේ රටේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටිනු ස`දහාද?

උතුරට බුදු පිළිම එපා යැයි කියමින් තවත් කොටි හිතවාදියකු සහ බෙදුම්වාදියකු වූ ගජදීපන් සංවිධානය කළ උද්ඝෝෂණවල පෙරමුණේ සිට ගන්නට ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශ්ප් ස්ටාලින් ගියේ කුමකටද?

ජෝශප් ස්ටාලින් කි‍්‍රයාත්මක වූයේ බෙදුම්වාදය වෙනුවෙන් නොවේ නම් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් 2015 ඔක්තෝබර් 16 වැනිදා එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවත්වූ විරෝධතාවට ඔහු ප‍්‍රබල කි‍්‍රයාකාරිකයකු ලෙස සහභාගි වූයේ කුමකටද?

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඉහත සෑම අවස්ථාවකම සිටගනු ලැබුවේ මේ රටේ විනාශය පතන බෙදුම්වාදී දෙමළ දේශපාලන ක`දවුර සම`ගය. මේ රට කෙසේ හෝ දෙකඩ කර බෙදා වෙන් කිරීමට වෙහෙසෙන විජාතික ක`දවුර සම`ගය.

අද දවසේ මේ රටේ ගුරුවරුන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බලකරමින් පාරට පැමිණ වර්ජනයක නිරතව සිටින්නේ මේන් මේ කියන ජෝශප් ස්ටාලින් සම`ගය. වසංගතයක් ඉදිරියේ අසරණව සිටින දකුණේ දරුවන් තව තවත් අසරණ කරමින් ගුරුවරුන් වර්ජනයකට මෙහෙයවනු ලැබුවේ මේ ජෝශප් ස්ටාලින්ය. එය සිදු කෙරෙන්නේද මුළු රටම කොරෝනා හමුවේ අරාජිකව තිබියදීය. අප මෙහිදී දකුණේ දරුවන් යැයි විශේෂණයක් යොදනු ලැබුවේ මෙකී ගුරු වර්ජනය උතුරේ සිදුවන බවක් වාර්තා නොවන නිසාය.

මේ රටේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව යනු පැහැදිලිවම ගැටලූකාරී සහ විස`දුමක් ලබා දිය යුතු අතිශය වැදගත් කාරණයක් බව අපිද කියන්නෙමු. ඉකුත් 1994 වසරේ ගුරු ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසු පැවති රජයන් විසින් වරින් වර නිකුත් කරන ලද විවිධ චක‍්‍රලේඛ හමුවේ රටේ ගුරුවරුන් දැඩි අසාධාරණයකට ලක් වූ බව සත්‍යයකි.

එහෙත් ජාතියේ අනාගතයට ම`ග කියා දෙන්නට සිටින ගුරු මව්වරුනි, පියවරුනි, වසර එකහමාරක කාලයක් තිස්සේ මුළු රටම වසංගතයකට ගොදුරු වී ආර්ථික වශයෙන්ද කඩා වැටී අරාජිකව තිබියදී දික්තලා නැති කාලගෝලයකු සම`ග එක්ව ඔබ ඉල්ලීම් දිනා ගනු පිණිස කරන මේ වර්ජනය මොනතරම් සාධාරණද?

එවන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගතයුතු වන්නේ මෙවන් මොහොතකද? ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු විවිධ පාර්ශ්ව එක්ව දියත් කර ඇති මේ ගුරු සටන තුළ සැබෑවටම තිබෙන්නේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමක් යැයි ඔබ විශ්වාස කරන්නේද?

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment