සමාජිකයකු අස්වුවත් ඡන්දය එලෙසමයි – මැකො කියයි

151

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉල්ලා අස්වුවද එම කාරණය කොමිෂන් සභාවේ ඉදිරි කටයුතුවලට හෝ පළාත් පාලන මැතිවරණයට කිසිදු බාධාවක් නොමැති බව කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට පැවසීය.

කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී. එස්. එම්. චාල්ස් මහත්මිය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ බවටත් ඊට අදාළ ලිපිය ජනාධිපති කාර්යාලයට යවා ඇති බවත් මාධ්‍යවල පළ වුවත් මෙතෙක් චාල්ස් මහත්මිය හෝ ජනපති කාර්යාලය තම කොමිසම වෙත නිල වශයෙන් දැනුම්දී නොමැති බවත් සභාපතිවරයා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාමාජිකයකු කිසිදු දැනුම්දීමකින් තොරව කොමිෂන් සභාවේ කටයුතුවලට සහභාගි නොවන්නේ නම් ඔහු හෝ ඇයගේ සාමාජිකත්වය අහෝසි වන බවද ඊට අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවද පුංචි හේවා මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment