සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාරට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට

267

ගෝඨා ගෝ හෝම් යන වැකිය අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (26දා) නියෝග කළේය. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර සිටින අනුරුද්ධ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment