සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිත කිරීමට තැත්කළ අය අත්අඩංගුවට

433

සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිත වන ආකාරයට වෛරී ප‍්‍රකාශ පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු පෙරේදා (06 දා) අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන බෝවිටියමුල්ල තලාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර පුද්ගලයා විසින් පොලිසියේ හා යුද හමුදාවේ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල අය මරාදැමිය යුතු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා ජනතාව තුළ වෛරී අදහස් ඇතිවන ආකාරයට පළකොට තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මානසික රෝගියකු බවත්, ඔහු බිරිඳගෙන් වෙන්වී ඇති බවද පොලිසිය පවසයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නාගොඩ පොලිස් ස්ථානාධිපති ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු උඩුගම මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment