සමාරම්භක තරගයේ ජය ඕමානයට

221

2021 ලෝක කුසලාන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17 වැනිදා) පැවැති පළමු තරගයෙන් කඩුලූ 10ක පහසු ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත්විය. එ් පැපුවානිව්ගිනියා කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඕමානයේ අල් ඇමරට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවානිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 129ක් වාර්තා කිරීමට සමත්විය. එ් අනුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඕමානය පන්දුවාර 13.4කදී කිසිවකුත් නොදැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ඕමාන කණ්ඩායමට ජයග‍්‍රහණය ඉක්මනින් ළඟා කළ ජාටින්දර් සිං පන්දු 42කදී නොදැවී ලකුණු 73ක් වාර්තා කළේය. හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් එම ඉනිමට ඇතුළත් විය. අකිබ් අයියාස් පන්දු 43කදී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

පැපුවානිව්ගිනියා ඉනිමේ පළමු කඩුලූ 2 මුළු ලකුණු 0දී බිඳ වැටුණද නායක අසෙඞ් වලා සහ චාර්ල්ස් අමින් තුන්වැනි කඩුල්ලට ලකුණු 81ක් වාර්තා කළේය. එහිදී අසෙඞ් වලා පන්දු 43කදී ලකුණු 56ක් වාර්තා කළ අතර හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් එල්ල කිරීමට ඔහු සමත්විය. චාර්ලිස් අමින් ලකුණු 37ක් වාර්තා කළේය. බේස් බවු ලකුණු 13ක් ලබා ගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පිවිසීමට ඕමාන පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment