සමාව දීම කිතු දහමේ පදනමයි

402

ක‍්‍රිස්තු ධර්මය සමාව පදනම්කර ඇති ආගමකි. ක‍්‍රිස්තු භක්තිකයාගේ ජීවිතයට සාර්ථකත්වය සඳහා සමාව ඉතා වැදගත්වේ. සමා කිරීම කියා හඳුන්වන ඔබට වරද කළ කෙනාට ’ඔබ දෙන මේ තෑග්ග ඇත්තට ම ඔබ ඔබට ම දෙන්නාවූ උතුම් තෑග්ගකි.

සමාව දීම ජේසුස් වහන්සේ තම ජීවිත ආදර්ශයෙන්ම අපට පෙන්වූ සේක. උන්වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණීය වධ වේදනා විඳින විටදී උන්වහන්සේව එසේ දඬුවමට ලක් කළ අයට පියාණනී මොවුන් කරන දේ නොදැන කරන බැවින් මොවුනට සමාව දුන මැනැව කියා දෙවිඳුන්ට යාච්ක්‍දා කළ සේක.

ඒ වාගේම ජේසු තුමන්ම අපට ඉගැන්වූ ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනී යාච්ක්‍දාවෙහි අඩංගු අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපගේ වරදට අපට කමා වුව මැනැව කියා අප අපගේ ජීවිත කාලය තුළ මොන තරම් ගිරව් මෙන් උච්චාරණය කර තිබෙනවා නොවේද එහෙත් එය වචනයකට පමණක් සීමා කිරීම සැබෑ යාච්ක්‍දාවක් නොවේ. එසේ නම් එය අප අපවම රවටා ගැනීමකි. වචනය ක‍්‍රියාවට නැංවීම දෙවිඳුන් ඉදිරියේ කරන සැබෑ යාච්ක්‍දාව වනු ඇත.

ඒනිසා ඔබට වරද කළ අයට සමාව දෙන්නට ඔබ දෙවරක් හිතන්න එපා. දෙවියන් වහන්සේ අපට සලකන්නේ අප අන් අයට සලකන ආකාරයටයි. මෙම යාච්ක්‍දාව කීමේදී අපගේ විරුද්ධකාරයන්ට සමාව දී නැත්නම් එහිදී කරන්නේ අපට සමාව නොදෙන ලෙස දෙවිඳුන්ගේ ඉල්ලීමක් වැනි යැයි දක්වා ඇත. අන් අයට සමාව දීම තුළින් දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක.

ඒ වාගේම සමාව දීම තුළින් අප අපවම නිදහස් කරගනු ලබයි. සමාවක් නැතිව නිදහසක් නැත. සමාවක් නැතිව සුවයක් ද නැත. ගැලවීම ආරම්භ වන්නේ සමාව ඇසුරින්ය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ පාපයට සමාව ලබාදීම සඳහා සිය ඒක ජාතක පුත‍්‍රයාව පවා ලෝකයට පරිත්‍යාග කළ සේක.

දෙවියන් වහන්සේ එසේ කළේ නම් දූවිල්ලට හැරී යන මනුෂ්‍යයන් වන අප අපට වැරදි කරන අයට සමාව දීමට මොන තරම් පරිත්‍යාශීලී විය යුතු නොවේද?

ලූෂන් ෂර්ලි එඞ්වඞ්

සමාව දීම කිතු දහමේ පදනමයි
advertistmentadvertistment
advertistmentadvertistment