සමිති හිතුවක්කාරයි – මගීහු නන්නත්තාරයි – ප‍්‍රශ්න උඩුදුවයි – ආණ්ඩුව නිදිකිරයි – යකඩ යකා මහ දවල් ජනතාව තලයි

286

* සීසන් පමණක් අතැති පාසල් දරුවෝ දුම්රිය ගේට්ටු අසල හඩා වැටෙති

 * වියපත් මව්වරු සහ විදේශිකයෝත් ළතැවෙති

 * ඊයේ මරදාන දුම්රියපොළේදී

අනුමත වැටුප් වැඩිවීම ලබා නොදීම, විනය ද`ඩුවම් පැනවීම, උසස්වීම් ලබා නොදීම, දුම්රිය සන්නිවේදන පද්ධතිය පිළිබඳව ඇති කළ නව තත්ත්වයක් සහ අධිභාර මුදලක් අය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රියදුරු සහ නියාමකයින් ඊයේ (15දා) දහවල් දොළහට හදිසි දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කොට එය සවස 04ට අවසන් කළහ.

සමිති හිතුවක්කාරයි - මගීහු නන්නත්තාරයි - ප‍්‍රශ්න උඩුදුවයි - ආණ්ඩුව නිදිකිරයි - යකඩ යකා මහ දවල් ජනතාව තලයි

වර්ජනය හේතුවෙන් ඊයේ දහවල් සිට ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර දුම්රිය 25 ක් පමණ ධාවනය නොවූ බව දුම්රිය ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. එහෙත් ධාවනය නොවූ ගාලූ කුමාරී, රුහුණු කුමාරී සහ මහනුවර ශීඝ‍්‍රගාමී යන නගරාන්තර දුම්රිය වර්ජනය නිම කිරීමෙන් පසුව ධාවනය කෙරිණ.

සමිති හිතුවක්කාරයි - මගීහු නන්නත්තාරයි - ප‍්‍රශ්න උඩුදුවයි - ආණ්ඩුව නිදිකිරයි - යකඩ යකා මහ දවල් ජනතාව තලයි

දුම්රිය වෘත්තීය සමිති නායකයින් වර්ජනය සවස 04ට නිම කරන බව ප‍්‍රකාශ කළද දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට තවත් විනාඩි 40 ක් ගමන ගතවිය.

 හදිසි වර්ජනය හේතුවෙන් වාර ප‍්‍රවේශ පත‍්‍ර ගත් පාසල් සිසුන්, ගුරුවරුන්, කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය ම`ගීහු දැඩි අසීරුතාවකට පත් වූහ. මරදාන දුම්රිය ස්ථානයෙන් ඊයේ දහවල් ආරම්භ කරන සියලූම දුම්රිය පණ ගන්වා දුම්රිය ස්ථානයේ පැය කිහිපයක්ම නවතා තැබීමටද එම වෘත්තීය සමිති ක‍්‍රියා කළේය.

 ‘‘අනේ… මාමේ සීසන් එක විතරයි ළ`ග තියෙන්නේ.. අතේ සල්ලි නෑ..අපිට ගෙදර යන්න කෝච්චිය එවන්නකෝ.. අපට බඩගිනියි..’’ යැයි දරුවන් හැ`ඩූ කඳුළින් ගේට්ටු අසල සිට ආයාචනා කරනු මරදාන දුම්රිය ස්ථානය වෙත ගිය අපට දක්නට ලැබිණ.

 මේ අතර ‘‘අනේ.. පුතේ මම කොළඹ ආවේ බෙහෙත් ගන්න නුවර ඉඳන්. කෝච්චියෙන් බැහැලත් පයින් යන්න තියෙනවා’’යැයි එක් මවක් දුක්බරව පැවසූ වදන් ද අපට ඇසිණ.

 මේ අතර විදේශිකයෝ කිහිප දෙනෙක් ද කර කියා ගත හැකි දෙයක් නොමැතිව ළතවෙමින් බිම වාඩිවී සිටියහ.

 වර්ජනය කි‍්‍රයාත්මක වූ කාලය තුළ දී දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට ද කිසිවකුටත් අවසර ලබා නොදුන් අතර වර්ජකයන් ඇතුළු දුම්රිය සේවකයෝ් දුම්රිය ස්ථානවලට වී සිටියහ. ඈත ප‍්‍රදේශවල සිට දුම්රියෙන් පැමිණි ම`ගීහු පමණක් ගේට්ටු ඇර දුම්රිය ස්ථානවලින් පිටත් කර හරිනු ලැබූහ.

 ඊයේ පෙරවරුවේ බෙලිඅත්ත, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර වැනි ප‍්‍රදේශවල සිට දුම්රියෙන් කොළඹ කාර්යාල වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික කාර්යාල සේවකයෝද හදිසි දුම්රිය වර්ජනය ගැන අසා කලබල වී නැවත නිවෙස් වෙත යෑමට විකල්ප ක‍්‍රම පිළිබඳ සොයා බැලූහ.

 වර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමිති දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡුාවක නිරත වූ අතර එහිදී ඇතිවූ එක`ගතාවෙන් සහ ඊයේ සවස 7.30ට ප‍්‍රවාහන ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සමග විශේෂ සාකච්ඡුාවක් ලබා දීමට දුන් පොරොන්දුව මත වර්ජනය සවස 04ට පමණ නතර කෙරිණි.

 මේ අතර පෙරේදා (14දා) දුම්රිය ස්ථානාධිපතිවරුන් ද මෙම කරුණු මුල් කර ගනිමින් සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර ඔවුහුු නැවත ලබන සතියේ වැඩ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටිති.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment