සමිත ලෝක වාර්තාව බිඳ දමයි – පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී – හෙල්ලය එල්ලකොට දෛවය පැරදවූ  වීර පුතෙක්…

429

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට සමිත දුලාන් ඊයේ (29 වැනිදා) සමත්විය. ඒ එම ඉසව්වෙන් මීටර් 66.60ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

එෆ් 44 කාණ්ඩය නියෝජනය කරමින් තරග වැදුණු සමිත දුලාන් විසින් ඊයේ බිඳ දමනු ලබුවේ මීට පෙර ඔස්ටේ්‍රලියාවේ මිචෙල් පූරියන් විසින් තබා තිබූ ලෝක වාර්තාව වේ. මිචෙල් පූරියන් විසින් මීට පෙර මීටර් 66.29ක දුරක් හෙල්ල විසිකරමින් අදාළ ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්වී සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය නියෝජනය කරන සමිත දුලාන් 2021 පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටද සමත් වූවේය.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව විසින් සංවිධානය කර තිබූ ජාතික පැරාලිම්පික්  තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක විය.

කසුන් රණවීර

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment