සමුගත් ටේලර්ට නවසීලන්තයෙන් තෑග්ගක්

659

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් ඊයේ (11 වැනිදා) සමුගත් නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩක රොස් ටේලර් හට විශිෂ්ට සමුගැනිමක් සටහන් කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 117ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් විය.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 521 හමුවේ බංග්ලාදේශයට ඉනිම් දෙක තුළදීම ලබා ගත හැකි වූයේ පිළිවෙලින් ලකුණු 126 ක් සහ 278 ක් පමණි.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ කඩුලූ හතක් දවා ගැනීමට නීල් වැග්නර් සහ කයිල් ජැමීසන් සමත් වූ අතර බංග්ලාදේශ දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීමට රොස් ටේලර් සමත් වූ අතර ටෙස්ට් තරග 111 කට ක‍්‍රීඩා කර ඇති ටේලර් දවා ගත් 03 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස එය වාර්තා වේ.

සමුගත් ටේලර්ට නවසීලන්තයෙන් තෑග්ගක්

අදාළ ජයග‍්‍රහණයත් සමග නවසිලන්ත බංග්ලාදේශ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරගාවලියේ වීරයා සම්මානය තරග දෙකක් තුළදී ශතක දෙකක් වාර්තා කළ නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ හට හිමි වූ අතර මෙම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ නවසීලන්ත නායක ටොම් ලේතම් තරගයේ වීරයා වූයේය.

ජගත් ක‍්‍රිකට් පිටියට සමුදුන් රොස් ටේලර් ටෙස්ට් තරග 111 කදී ලකුණු 7683ක් රැුස්කර ඇති අතර මීට පෙර ඔහු සීමිත පන්දු වාර ක‍්‍රිකට් තරගවලට සමු දී තිබුණි.

ලකුණු සාරාංශය

නවසීලන්තය පළමු ඉනිම 521/6

බංගලදේශය පළමු ඉනිම 126/10

බංගලදේශය දෙවැනි ඉනිම 278/10

advertistmentadvertistment
advertistmentadvertistment