සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) මීළඟ අදියර දෙහිවල සිට පානදුර දක්වා

362

දෙහිවල සිට පානදුර දක්වා කි.මී 17 ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරනවා – ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

 දෙහිවල දුම්රිය ස්ථානයේ සිට පානදුර දක්වා සමුද්‍රීය මාර්ගය දීර්ඝ කිරීමට සැලසුම් සකස් කළ අතර ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය මගින් සිදු කළ මූලික ශක්‍යතා අධ්‍යනය අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) මීළඟ අදියර දෙහිවල සිට පානදුර දක්වා

ඒ අනුව කඩිනමින් දෙහිවල සිට පානදුර දක්වා කි.මී 17 ක මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ. ඉදිකිරීමට යෝජිත දෙහිවල සිට පානදුර දක්වා මාර්ගය සඳහා රුපියල් බිලියන 38 ක් වැය කෙරේ. මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ දේපල අහිමිවූවන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 21 ක මුදලක් වෙන් කර ඇත.

 කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වඩාත් සුදුසු විකල්පය ලෙස හඳුනාගත් සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අදියරයන් 6ක් යටතේ අවසන් කර ඇත.

 ඒ අනුව රාමක‍්‍රිෂ්ණ මාර්ගයේ සිට මෙල්බර්න් ඇවනියු දක්වාත්, මෙල්බර්න් ඇවනියු සිට ග්ලේන් ඇබර් පෙදෙස දක්වාත්, ග්ලේන් ඇබර් පෙදෙසේ සිට කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වාත්, රාමක‍්‍රිෂ්ණා මාර්ගයේ සිට ෆෙසර් ඇවනියු දක්වාත්, කොල්ලූපිටිය දුම්රිය ස්ථානයේ සිට රන්මුතු හෝටලය දක්වාත්, ෆෙසර් ඇවනියු සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වාත් මේ වන වන විට ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment