සයටිකාව කළමනාකරණය කරන නිවැරදිම ක‍්‍රමය කුමක්ද?

995

ප‍්‍රශ්නය – අද අප ඔබ සමග සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ සයටිකාව කළමනාකරණය කිරීම වෙනුවෙන් ආයුර්වේදය යොදාගත හැකි ආකාරය ගැනයි.

 වෛද්‍ය කුමුදු වීරසේකර – මෙතැනදී ඉතා වැදගත් යමක් කිව යුතුයි. සමහර රෝග කිසිසේත්ම සුව කරන්න බැහැ. සමහර රෝග මුලදී සුව කරන්න පුළුවන්. නමුත් රෝගියා විසින් එම රෝගය නරක තත්ත්වයට පත්කර ගත්තහම එය සුව කිරීමට වෙහෙසෙනවට වඩා ලෙහෙසියි කළමනාකරණය කරගෙන ජීවත් වෙන එක. සයටිකාව සුව කළ හැකි ස්නායු රෝගයක්. කොන්දෙන් පටන් ගන්නා සයටික් ස්නායුව පීඩනයට පත්වීම හෝ වෙනත් අනර්ථකාරී තත්ත්වයන් නිසා සයටිකාව වැළඳෙන බව අප දන්නවා. මේ රෝගය සුවපත් කරගැනීම සඳහා සැත්කම් කළ යුතුයි කියලා සමහරු යෝජනා කරනවා. මේ සැත්කම කරගෙන ඉතාම කෙටි කාලයකින් නැවත වතාවක් රෝගය මතුවෙනවා. එවිට යළිත් සැත්කමකට යා යුතුද? මේ ආකාරයෙන්ම සැත්කම් මගින් සුවකර ගත හැකියි කියා යෝජනා කෙරෙන තවත් රෝගයක් තමයි කාපල් ටනල් 

සින්ඩ්‍රෝම් රෝගය. මෙය අතේ වළලූකර ආශ‍්‍රයේ හටගන්නා අතර සැත්කමක් මගින් සුව කරනු ලැබුවත් ටික කලකින් නැවතත් මතුවීමේ ඉඩ කඩ තිබෙනවා. සැත්කම් නැතිව බොන බෙහෙත් සහ සම්බාහන මගින් මේ රෝගය සුව කිරීමට ආයුර්වේදයට පුළුවන්. ඒ වගේම සැත්කමකට නොගිහින් ආයුර්වේද ඖෂධ මගින් සයටිකාව සුව කළ හැකියි. මේ රෝගය කළමනාකරණය කිරීමට සිදුවන්නේ විටින් විට සැත්කම් කළත් රෝගය නැවත මතුවීමේ නරක තත්ත්වය එළඹී තිබෙන විට හෝ මුල සිටම රෝගයට නිසි ප‍්‍රතිකාර නොගෙන වේදනා නාශක ගිල දමමින් රෝගය නරක් කරගත්තොත් විතරයි. කොහොම නමුත් අද අප ඔබට කියන්නේ මේ රෝගය කළමනාකරණය කිරීමේ ආයුර්වේද ක‍්‍රමවේදය ගැනයි.

 ආයුර්වේදයේ එන හැටියට සයටිකාව හටගන්නේ වාතය කුපිත වීමෙන්. ශරීරයේ සියලූ චලනයන්හි භාරකරු ලෙස සැලකෙන්නේ වාත දෝෂයයි. එහෙත් ශරීරයේ ලිහිසි භාවයට සහ කායික දියරවලට වග කියන කප දෝෂයෙනුත් සයටිකාව හටගන්නා අවස්ථා තිබෙනවා. මෙහිදී වාත දෝෂයත් කප දෝෂයට එකතු වීමෙන් වාතජ කපජ සයටිකා තත්ත්වය හටගෙන ඉතාම සංකීර්ණ තත්ත්වයක් ඇතිවෙනවා.

 නොමිලේ විස්තර සඳහා
 0766739977

sayatika2
advertistmentadvertistment
advertistmentadvertistment