සයින්දමරුදු මියගිය පිරිසගේ සිරුර ගොඩගැනීම ඇරඹේ

112

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී යළි ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අද (27) පෙරවරුවේ ආරම්භ විය.

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තූන් ගේ බිරිඳ පුලිස්තනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙසිමීන් නැමැත්තියගේ නැමැත්තියගේ සිරුරේ කොටස් එම සිරුර කොටස් අතර ඇති යන්න හදුනා ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එම සිරුර ගොඩගැනීමට නියමිතව තිබිණි.
පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වු මොහොමඩ් රිල්වාන් නැමැත්තා විසින් 2019.04.19 දින රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමුන් ඇතුලු 17 දෙනෙකු මියගොස් තිබුණි.

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශන වලදී සාරා ජෙස්මිනීන් නැමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment