සයින්දුමරුදුහි මියගිය අයගේ සිරුරු යළි පරීක්ෂාවට

170


පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුවූ සයින්දුමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයේදී මිය ගිය අය අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් ඇතිදැයි කියා තෙවැනි වරටත් පරීක්ෂා කිරීමට කල්මුණේ අධිකරණය අවසර දී ඇත. ඒ අනුව හෙට අම්පාර පොදු සුසාන භූමියේදී මෘත ශරීර කොටස් ගොඩගෙන ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. මීට පෙර අවස්ථා දෙකකදී සිදුකරන ලද ඩීඑන්ඒ පරීක්ෂාවන් මගින් ඇයගේ මෘත ශරීර කොටස් හමුවී නොතිබුණි. සාරා ජෙස්මින් යනු පාස්කු ප්‍රහාරයේදී කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමදු හස්තුනීගේ බිරිදය.

advertistmentadvertistment
advertistmentadvertistment