‘සයිනොවැක්’ ගැන මතභේදයෙන් ඖෂධ නියාමන උපදේශක සභාවෙන් තිදෙනෙක් අස්වෙති

490

සයිනොවැක් නමැති චීනයේ නිෂ්පාදිත කොවිඞ් එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හටගත් මතභේදයකදී එසේ අනුමැතිය ලබාදීමට විරුද්ධවූ සාමාජිකයන් තිදෙනකු ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.
 
 මෙම උපදේශක සභාව විද්වත් සාමාජිකයන් 8 දෙනකුගෙන් සමන්විත වන අතර, එහි සාමාජිකයන් වූ ප‍්‍රතිශක්තිකරණවේදී වෛi රජීව ද සිල්වා, වෛරස්වේදය පිළිබඳ වෛi කාන්ති නානායක්කාර, ස්වසනවේදය පිළිබඳ වෛi මහාචාර්ය චන්න රණසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ ඉවත්වූ තිදෙනාය.
 
 සයිනොවැක් එන්නත ශ‍්‍රී ලංකාවේ වැසියන්ට ලබාදීම නුසුදුසු බව මෙම තිදෙනාගේ මතය වූ බවත්, එබැවින් එය ශ‍්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට ඔවුන් විරුද්ධ වූ බවත් වාර්තා වේ.
 
 සයිනොවැක් මාත‍්‍රා විසිලක්‍ෂයක් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබිණි. මෙම වැක්සීනය කොවිඞ් ඩෙල්ටා ප‍්‍රභේදය සඳහා අඩුම ප‍්‍රතිචාරයක් දක්වන වැක්සීනය බවද වාර්තා වේ. වැක්සීනය සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස එය ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ පිළිබඳව නිසි සායනික වාර්තා තිබී නැත.
 
 ඩෙල්ටා ප‍්‍රභේදය ඉදිරි කාලය තුළදී ශ‍්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් තිබෙන බැවින් ඒ සඳහා සුදුසු එන්නතක අවශ්‍යතාව රජයට දැඩිව දැනී ඇත.
 
 සයිනොවැක් එන්නත මුලින් මාත‍්‍රා මිලියන දෙකකුත්, පසුව තවත් මාත‍්‍රා මිලියන 11කුත් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යොදා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment